“පාස්කු ප්‍රහාරයට මගෙ වගකීමක් නෑ”

පාස්කු ප්‍රහාරය සම්බන්දව තමා  තමා කිසිදු තොරතුරක් දැන සිටියේ නැති බවත් එහි කිසිදු වගකීමක් තමන් බාර නොගන්නා බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව එවකට ජනාධිපතිවරයා ලෙස තම වගකීම නිසි ලෙස ඉටු කර තිබෙන බව පැවසූ සිරිසේන මහතා මෙම ප්‍රහාරයේ වගකීම සම්පූර්ණයෙන්ම භාරගත යුත්තේ එවකට ආණ්ඩුව ගෙන ගිය වගකිවයුත්තෝ බව අවධාරණය කළේය.

බිබිසි සිංහල ගුවන්විදුලි සේවාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපතිවරයාගේ කාර්යභාරය වියයුත්තේ ස්ත්‍රී දූෂකයෝ, කුඩුකාරයෝ, කසිප්පුකාරයෝ හෝ ත්‍රස්තවාදීන් ඇල්ලීමට යෑම නොව, ප්‍රතිපත්ති, සැලසුම්, නියෝග සහ උපදෙස් ලබා දීම බවත් තමන් ජනාධිපති ලෙස ඒවා නිසි ලෙස ඉටු කර තිබුණ ද එතැනින් පහළ ස්ථරය එය නිසි ලෙස සිදු කර නැති බවත්  මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන බවත් පැවසීය.


තමා ජනාධිපති ධුරයට පත්ව පළමු සතියේ සිට තමාට විරුද්ධව තම අගමැතිවරයා කටයුතු කළ  බවත් එහි ප්‍රතිඵලයක් ලෙස 2018 ඔක්තෝබර් මාසයේ දී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කර ගැනීමට තමන් ක්‍රියා කළ බවත් ඒ මහතා අනාවරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දින පනස් දෙකකට පසු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට සිදු වුවත් එය තම කැමැත්තකින් සිදුකල දෙයක් නොවන බවත් එම පත් කිරීමේ දී තමන් රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ දෙහි කැපිල්ලක් කළ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version