“සහරාන්ගේ වැඩ ගැන මට මුලින්ම දැනුම් දුන්නෙත් අගමැති බිරිඳ මෛත්‍රී”

රවුෆ් හකීම් පාස්කු කොමිසමට කියයි

සහරාන් හෂීම් අන්තවාදී මතවාද අනුගමනය කරමින් සිටින බවට තමාට මුලින්ම දැනගන්න ලැබුණේ 2019 පෙබරවාරි මාසයේදී බවත් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද ඒ සම්බන්ධව තමා ව දැනුවත් කළ බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් (8) අනාවරණය කළේය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විසින් සහරාන් හෂීම් අන්තවාදී දේශනා කරමින් සිටින වීඩියෝවක් තමා වෙත එවා තිබූ බවත් අන්තර්ජාලයෙන් ලබාගන්නා ලද එම වීඩියෝවට අනුව සහරාන්ගේ ක්‍රියාකලාපය රටට අහිත අතිශයෙන්ම භයානක බවත් පෙනෙන්නට තිබෙන බැවින් ඒ පිළිබඳව සොයාබලන ලෙස එතුමිය තමන්ගේ තමන් ගෙන් ඉල්ලා සිටි බවත් හකීම් මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම තොරතුරු දැනගත් අවස්ථාවේ සිටම තමා ඉතා ඕනෑකමින් මේ පිළිබඳව සොයාබලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ බවත් ඒ වන විටත් සහරාන් සහ ඔහුගේ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 50ක් පමණ යොදවා සිටින බව අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා තමන්ට දැනුම් දුන් බවත් රවුෆ් හකීම් මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.


පාස්කු ප්‍රහාරය පිළිබඳව බාහිර බලවේගයක් සිට ඇතැයි කාදිනල්තුමා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් හකිම් මහතා ප්‍රකාශ කළේ නියත වශයෙන්ම මෙලෙස සමූල ඝාතනයක් සිදු කිරීමට අභ්‍යන්තර බලවේගයට පමණක් සිදු කළ නොහැකි බවත් මේ පිටුපස බාහිර බලවේගයක් සිටිය යුතු බවත් ය.

බාහිර බලවේගය කුමක්ද කියා තමාට නිශ්චිතව පෙන්වා පෙන්වාදිය නොහැකි බවත් එය නිවැරදිව නිවැරදිව සොයාගැනීම බුද්ධි අංශයේ වගකීමක් හා යුතුකමක් වන බව හකීම් මහතා සාක්ෂි දෙමින් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බාහිර බලවේගයක් මෙහි දී සහරාන්ට ආධාර කර තිබෙන බවට හැඟෙන බවත් ඒ මේ ප්‍රහාරකයින් විසින් භාවිත කරන ලද සිම් කාඩ්පත් කිහිපයක් අයත් වන්නේ නේපාලය, කිර්ගිස්ථානය, කසක්ස්තානය රටවලට බවත් බලධාරීන්ගේ අවධානයට ලක් නොවී මෙලෙස මෙම සිම් කාඩ්පත් ලබා ගැනීම සඳහා ප්‍රබල පිටුබලයක් තිබිය යුතු බවත් හකීම් මහතා සාක්ෂි දෙමින් තව දුරටත් පෙන්වා දුන්නේ ය.

Exit mobile version