සහරාන්ගේ මස්සිනාත් සීඅයිඩියේ ඔත්තුකරුවකුව ඉඳලා

CID - TID තරගය නිසා සහරාන් ඇල්ලීම මඟ හැරුණාද ?

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කලක් අන්තවාදී කල්ලි නායක සහරාන්ගේ බිරිදගේ සහෝදරයකු ද තොරතුරුකරුවෙකු ලෙස යොදාගෙන ඇති බව අද ජනාධිපති කොමිසමේදි අනාවරණය විය.

වරක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ (ටී.අයි.ඪී) නිලධාරියකු සඳහන් කළේ තමන් සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනිමට ඔහුගේ බිරිදගේ නිවසට ගිය අවස්ථාවක මෙම සහෝදරයයාගෙන් ප්‍රශ්න නඑරමින් සිටියදී එයින් ඉවත් ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු තමන්ට දැනුම්දුන් බවද යම් හෙයකින් මෙම ප්‍රශ්න කිරීම දිගටම කරගෙන ගියේ නම් පාස්කු ප්‍රහාරයට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබූ බවද සඳහන් කළේය.

අද දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා රිශ්‍රෙය්දී පැවැති පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කෙරෙන ජනාධිපති කොමිසම මේ සිදුවීම සම්බන්ධයෙන් විමසූයේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අන්තවාදි හා මූලධර්මවාදි විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගයාන් රත්නායක මහතාගෙනි. එහිදී ඔහු සඳහන් කළේ 2017 වසරේ පමණ සිට තම ඒකකය තුළ සහරාන් හෂිම් සම්බන්ධයෙන් විමර්ශන ගොනුවක් පැවති බවයි.


සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබාගත් අතර සහරාන් සිය බිරිදගේ නිවසේ රැදී සිටින බවට ලද තොරතුරකට අනුව තමන් ඇතුළු කණ්ඩායමක් 2019 පෙබරවාරි මස 28 වන දින නාරම්මල කැකුණගොල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය බවත් එම අවස්ථාවේ සහරාන් හෂීම් හෝ ඔහුගේ බිරිඳ එම නිවසේ නොසිටි බව ගයාන් රත්නායක මහතා සඳහන් කළේය.

එසේ වුවද සහරාන් හෂීම්ගේ බිරිඳගේ මව සහ බිරිඳගේ සහෝදරයකු වන මොහොමඩ් අබ්දුල් කාදර් මොහොම්මදු අන්සාර් නැමැත්තා පමණක් නිවසේ රැඳී සිට ඇත.

ත්‍රස්ත විමර්ශණ අංශ නිලධාරියා සහරාන්ගේ බිරිඳගේ මවගෙන් සහරාන් හෂීම් පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාවේ ඇය සහරාන් අවසන් වරට එම නිවසට පැමිණියේ වසර දෙකකට පෙර බව පැවසුවද ඊට පරස්පර ප්‍රකාශයක් කරමින් මොහොමඩ් අන්සාර් නැමැත්තා ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේපවසා ඇත්තේ සහරාන් ඊට මාස එත හමාරකතට පමණ පෙර ද එම නිවසට පැමිණ ගිය බවයි.

ඔහුගෙන් තවදුරටත් කෙසේ වෙතත් ප්‍රශ්න කරන අවස්ථාවේ මගයාන් රත්නායක මහතාට දුරකථන ඇමතුමක් පැමිණි බවත් අදාළ ඇමතුම පැමිණියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරික්ෂක ඩයස් නැමැත්තාගෙන් බවද රත්නායක මහතා අනාවරණය කළේය.
එහිදි තමන් එම ඇමතුමට ප්‍රතිචාර දැක්වු විට ඩයස් නැමැත්තා ” අපි සහරාන් අත්අඩංගුවට ගැනීම පිළිබද විමර්ශනයේ යෙදී සිටිනවා. අන්සාර් කියන්නේ අපගේ පෞද්ගලික තොරතුරුකරුවෙක්. ඔහු මෙම අවස්ථාවේ ඔය නිවසට ඇවිල්ලා ඉන්නේ හදිස්සි තොරතුරක් දෙන්න. ඔබ ඔය නිවසේ රැදී සිටියොත් අපගේ විමර්ශනයට බාදාවක් වෙන්න පුළුවන්.වහාම ඔය නිවසෙන් පිටවෙන්න යනුවෙන් දැන් වූ බව ද කමිසම විසින් නගන ලද ප්‍රශ්න හමුවේ පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව තමන් උසස් නිලධාරින්ගේද උපදෙස් පරිදි එම ස්ථානයෙන් පිටත් වු බව පැවසූ පොලිස් පරීක්සඛ ගයාන් රත්නායක මහතා තමන්ට එම අවස්ථාවේ අන්සාර් නමැත්තාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට අවස්ථාවක් ලැබුණේ නම් සහරාන් හෂීම් සම්බන්ධයෙන් වැඩිදුර යමක් අනාවරණය කරගැනීමට ඉඩ තිබූ බව රත්නායක මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

Exit mobile version