නීති විද්‍යාලයට අසාමාන්‍ය ලෙස මුස්ලිම් සිසුන් වැඩි වූ හේතුව

හිටපු බුද්ධි ප්‍රධානියා හෙළිකරයි

ශ්‍රී ලංකා නීති විද්‍යාලයට සිසුන් බදවා ගැනීමේදී මුස්ලිම් ශිෂ්‍ය බඳවා ගැනීම්වල අසාමාන්‍ය වර්ධනයක් නිරීක්ෂණය කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද (29) ප්‍රකාශ කළේය.

නීති විද්‍යාලයයේ මුස්ලිම් ශිෂ්‍ය අනුපාතය 2003 වසර් පැවැති 2.4 ක් වූ බවත් 2012 වසර වන විට 25.24 දක්වා අසාමාන්‍ය ලෙස වර්ධනය වූ බව රාජ්‍ය බුද්ධි සේවයට නිරීක්ෂණය වූ බවද නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.

ඔහුගේ නිරීක්සණවලට අනුව 2003 වසරේදී නීති විද්‍යාලයට ඇතුලත්කරගෙන තිබුනේ මුස්ලිම් සිසුන් 05 දෙනෙකි.


2012 වසරේදී එම සංඛ්‍යාව 78 ක් වූ බව ද ඔහු කොමිසම හමුවේ හෙළි කළේය.
ඊට හේතුව අධිකරණ අමාත්‍යාංශයේ පැවැති ගැටලුවක් බවත් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු අංශ එකල දැනුවත් කළ බවත් නිලන්ත ජයවර්ධන මහතා පැවැසීය.

කොමිසම ඔහුගෙන් එවර එසේ මුස්ලිම් සිසුන් වැඩිවීමට හේතුව කුමක්දැයි විමසූ විට රාජ්‍ය බුද්ධි සේවා හිටපු අධ්‍යක්ෂවරයා ව්‍යාප්තවාදය රටේ සහ රටේ යම් කිසි ජනකොට්ඨාසයක් සුළුතරය බහුතරය සමග කරන අරගලයක් මෙයට මුල් වී ඇති බව සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම මේ තත්ත්වයට මුහුණ දිය යුත්තේ බුද්ධියෙන් බවද නිලන්ත ජයවර්ධන මහතා මහතා වැඩි දුරටත් කොමිසම හමුවේ සඳහන් කළේය.

Exit mobile version