තුර්කි ජාතික සැකකරුවෙකුගේ පරීක්ෂණ ටී.අයි.ඩී. ලොක්කෙක් බලපෑම් කර නවත්වලා…

රාජ්‍ය බුද්ධි සේවයේ ලොක්කෙකු ගැන නාලක ද සිල්වා ගෙන් හෙළිදරව්වක්

Nalaka-de-Silva

නාලක ද සිල්වා

තුර්කියේ සිට 2018 වසරේදී ශ්‍රි ලංකාවට පැමිණි  මොහොමඩ් රිම්සාන් නැමැති පුද්ගලයකු පිළිබඳව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරන ලද විමර්ශනයක්  නතර කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ එවකට සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයකු  තමාට බලපෑම් කළ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා   පාස්කු කොමිසම හමුවේ අද (13) හෙළි කළේය.

කොමිසම හමුවේ තෙවැනි දිනයට අද සවස  සාක්ෂි දුන් නාලක ද සිල්වා මහතා ගේ සාක්ෂි මෙහෙයවීමේ මුල් අවස්ථාව මාධ්‍යයට විවෘත වූයේ නැත. නාලක ද සිල්වාගෙන් සාක්ෂි මෙහෙයවන ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකි.

ඔහු විසින් මෙහෙයවන ලද සාක්ෂි හමුවේ කරුණු හෙළිකළ නාලක සිල්වා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට අනුව මොහොමඩ් රිලාබ්දීන් මොහොමදු රිම්සාන් නැමැති ශ්‍රි ලාංකික පුරවැසියා සම්බන්ධයෙන් මෙසේ විමර්ශනය කළේ පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව බවත් අවසානයේ එම විමර්ශන  නවත්වන්නටද රාජ්‍ය බුද්ධි සේවය පොලිස්පතිවරයා හරහාම නියෝගයක් තමා වෙත ලබා දුන් බවත් සඳහන් කළේය


වැඩිදුරටත් කරුණු හෙළි කළ නාලක ද සිල්වා  2018 පෙබරවාරි මස 07 වැනිදා පොලිස්පතිවරයා විසින් තුර්කියේ සිට මෙරටට පැමිණෙන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස එවූ ලිපියකට අනුව ඔහු කටුනායක ගුවන් තොටුපලේදී ප්‍රශ්න කිරීමට ලක් කොට මුදා හැර තිබේ.

එයින් පසුව යළිත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඔහුට පැමිණෙන ලෙස දිනයක් ලබා දුන් අතර රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා නාලක සිල්වා අමතා මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම නවත්වන ලෙස ඉල්ලා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඔහු මට කථාකළ අවස්ථාවේදී මම ඔහුට දැනුම් දුන්නා මට ඒ විමර්ශනය සිදුකරන්න කියල දැනුම් දුන්නේ පොලිස්පතිවරයා විසින්. මට එය නතර කිරීමටත් නියෝගයක් ලබා දිය යුත්තේ පොලිස්පතිවරයා බව. ඒ අනුව පොලිස්පතිවරයාගෙන් මට එම විමර්ශනය නතර කරන ලෙසට නියෝගයක් ලිඛිතව ලැබුණා.“ ඔහු මෙම අවස්ථාවේ 2018 මාර්තු 14 වැනිදා දාතමින් පොලිස්පතිවරයා විසින් අදාළ විමර්ශන නතර කරන ලෙස නියෝග කළ ලිපියද කොමිසම හමුවේ ඉදිරිපත් කළේය.

Exit mobile version