කළු ඉරිදා විරෝධය!

2019 වසරේ අප්‍රියෙල් 21 වැනිදා කතෝලික දෙවස්ථාන ඉලක්ක කරගෙන එල්ල වූ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බ න්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා කතෝලික ජනතාව විසින් දේවස්ථාන කේන්ද්‍ර කරගෙන දියත් කරන ලද කළු ඉරිදා විරෝධාතාව ට අද පෙරවරුවේ සිටම කතෝලික ජනතාව විශාල වශයෙන් සහභාගී වූ බව අපේ වාර්තාකරුවෝ පවසති.

පෙරවරුවේ ඇරඹි මේ නිහඬ විරෝධයේදී ඔවුන් පාස්කු ඉරිදා ප්‍රහාරය සංවිධානාත්මක මිනිමැරුමක් බවත් ඊට වගකිව යුත්තන් සම්බන්ධයෙන් හෙළිදරව් කොට වහා යුක්තිය ඉටු කරන ලෙසට අවධාරණය කරන බැනර සහ පොස්ටර් ප්‍රදර්ශනය කරමින් සාමකාමී උද්ඝෝෂණයකට සහභාගී වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද පාස්කු ප්‍රහාරයට ලත් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයට ඉදිරිපිට විරෝධයට එක් වූ අතර බෞද්ධ භික්සූන් වහන්සේලා ද මෙම විරෝධතාවට සහය පළ කළහ. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට අද පැවැති විරෝධතාවයේ අවස්ථාවකි.


Exit mobile version