පාස්කු කොමිසම හිටපු SIS ප්‍රධානී නිලන්ත ජයවර්ධනගෙන් පැය 152ක් ප්‍රශ්න කරලා

ප්‍රශ්න කිරීම් තවත් අවසන් නැතිලු

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් මේ වනවිට පැය 152කට අධික කාලයක් පුරාවට ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර තවදුරයටත් ඔහුගේ ප්‍රශ්න කිරීමට නියමිත බව ලංකාසර ට වාර්තා වේ.

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගෙන් මෙලෙස දිනකට පැය 08 කට වැඩි කාලයක් ප්‍රශ්න කර ඇති බවත් ඒ අනුව දින 16ක් පඹණ ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව අනාවරණය වෙයි. මෙතරම් දින ගණනාවක් වෙනත් කිසිදු අයෙකුගෙන් කොමිසමේ විමර්ශන ඒකකය ප්‍රශ්න කොට නොමැති අතර ඊට පසු වැඩිම කාලයක් ප්‍රශ්න කර ඇත්තේ දින හතරක පමණ කාලයකි.

කෙසේ වුවද ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න කිරීම් අවසන් නොමැති බවත් ඉදිරියේදී තවත් දින කිහිපයක්ම ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සිදුවනු ඇති බවත් කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තෙවැනි දිනටත් ඊයේ (10) කොමිසමේ විමර්ශන අංශය හමුවේ පෙනී සිටියේය. ඊයේත් ඔහුගෙන් දීර්ඝ ලෙස විමර්ශන අංශය ප්‍රශ්න කළ බව වාර්තා වේ.

Exit mobile version