පාස්කු කොමිසමේ විමර්ශන කළ නිලධාරීන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක්

ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් පත්කරන ලද ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතුවලට සම්බන්ධව සිටි පොලිස් නිලධාරීන් එම කොමිසමේ කටයුතු අවසන් වීමත් සමඟ යළි සාමාන්‍ය පොලිස් සේවා කටයුතුවලට අනුයුක්ත කිරීමට නියමිත අතර විමර්ශන වලට ලක්වූ පොලිස් නිලධාරීන්ගෙන් සහ වෙනත් පුද්ගලයන්ගෙන් සිදුවිය හැකි අනිසි බලපෑම් අවම කිරීම සඳහා සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ විශේෂ ආරක්ෂාවක් ලබා දීමට රජය පියවර ගෙන ඇත.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ මෙම ජනාධිපති කොමිසම හරහා සිදුකරන ලද විමර්ශනවලදී පොලීසියේ ඉහළ නිලධාරීන් ගණනාවක් මෙම නිලධාරීන්ගේ විමර්ශනවලට ලක්වීම සහ එම විමර්ශන තොරතුරු කොමිසම වෙත ලබා දීමය.

මෙම තත්ත්වය මත ඇතැම් නිලධාරීන්ට විවිධ තර්ජන එල්ල වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් ඔවුන්ට මෙසේ ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇත.


පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විභාගය ඊයේ අවසන් වූ අතර සාක්ෂි ලබාදීම සඳහා ඉතිරිව ඇති අවසන් පුද්ගලයා වන රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගෙන් ගබඩ සති අන්තයේදී සාක්ෂි විමසීමට නියමිත ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්පසු කොමිසමේ සාක්ෂි විභාගය අවසන් වීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version