පාසල් ළමුන්ට ෆයිසර් දීමේ වැඩසටහන මෙවර උසස්පෙළ සිසුන්ගෙන් ඇරඹෙයි!…

vaccined

කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම අධ්‍යාපන කලාපයන් තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස පාසල් දරුවන් එන්නත් කිරීම ලබන 15 වෙනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන   සඳහන් කරයි.

මේ අනුව අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සහ මෙවර පෙනී සිටින සිසුන් සඳහා එදිනට එන්නතරකණය ආරම්භ කරන බවත් ඔවුන් එසේ ලබා දෙනුයේ ෆයිසර් එන්නත බවත්  ලේකම්වරයා පැවසීය.

සිසුන් අඩු පාසල් කීපයක් එකතුකර එක් එන්නතරණ මධ්‍යස්ථානයක් ආරම්භ කරන අතර  ඒ පිලිබඳව විස්තර විදුහල්පතිවරයාගෙන්  දැන ගත හැකි  අතරම එන්නත්කරණ මධ්‍යස්ථානයන් පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් පිටුවල සඳහන් කර ඇතැයිද  අතිරේක ලේකම්වරයා පැවසීය.


එන්නත ලබා ගැනීමට පැමිණෙන විට සියලුම සිසුන්ගේ ජාතික හැදුනුම්පත රැගෙන ඒමට කටයුතු කරන්නැයිද ඔහු ඉල්ලා සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම එන්නත්කරණ වැඩ සටහන පසුව අනෙකුත් දිස්ත්‍රික්කයන්ට සහ අනෙකුත් වයස් කාණ්ඩයන් සඳහා ලබා දීමට කටයුතු කරන බවද අතිරේක ලේකම්වරයා පැවසීය.

Exit mobile version