පාසල් වාරය ඇරඹුණ දා ආහාර විෂ වී සිසුන් 12ක් රෝහලේ…

මනම්පිටිය  නිමල් ජයරත්න –

වාලච්චේන උත්තුචෙනයි කනිෂ්ඨ විද්‍යාලයේ අද ( 14) වෙනිදා දහවල් ලබාදුන් ආහාර විෂ වීමකින් එම විද්‍යාලයේ සිසුන් දොළොස් දෙනෙකු අසාධ්‍ය තත්වයෙන් වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන පොලිසිය කියයි.

එම් විද්‍යාලයේ සිසුන් හැට පස් දෙනකු 14 දින පාසල් පැමිණ ඇති අතර ඔවුන් සඳහා දහවල් ආහාරය ලෙස ලබාදී ඇත්තේ බත් සමග සෝයාමීට් බව එම විද්‍යාලයේ  විදුහල්පති රාජ් කුමාර  අප කළ විමසීමකදී පැවසීය.

ආහාර විෂ වීමකින්  වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇත්තේ 7 වසර සහ 8 වසරේ ගැහැණු ළමුන් හය දෙනකු සහ පිරිමි ලමුන් හයදෙනකු බව පරීක්ෂණ සිදුකරන වාලච්චේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතා අප කළ විමසීමකදි පැවසීය


රෝහලට  ඇතුලත් කරන ලද සිසුන්ගේ තත්ත්වය සාමාන්‍ය බවත් ,සිසුන්  තිදෙනෙකු ප්‍රතිකාර  ලැබීමෙන් අනතුරුව නිවෙස් කරා පිටව ගිය බවද රෝහල්  ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය පිළිබඳ වාලච්චේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version