පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝයි… යළි ඇරෙන්නේ 27 වැනිදා….

සිසු ආරක්ෂාව පිළිබඳ සලකා බලා පාසල් අතුර  නිවාඩුව තවත් සතියකින්  දීරඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය අද (18) නිවේදනය කළේය.

මෙය කොවිඩ් 19  වෛරසයේ සමාජ සම්ප්‍රේක්ෂණය තවමත් ඉවර වී නොමැති බැවින්  දරුවන්ගේ යහපත සලකා ගත් තීරණයක් බව එම නිවේදනයේ දැක්වේ.

දැනට දිවයිනේ දිස්ත්‍රික්ක පහක පාසල් සිසුන් හා ගුරුවරුන් 200 අධික සංඛ්‍යාවක් නිරෝධායනයේ පසුවීම ද ඔවුන් පී.ආර්.සී. පරීක්ෂණ වාර්තා ඉදිරිපත් වන්නේ ඉදිරි දින දෙක තුනෙහි බැවින් ද දැනට දරුවන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බැවින් ද අනතුරකින් හා බාධාවකින් තොරව පාසල් පවත්වාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මේ තීන්දුව ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යය ප්‍රකාශ කරයි..


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ලබන 27 වැනිදා පාසල් විවෘත කිරීමට නියමිය.

Exit mobile version