පාලන මිල ඉවත් කළ ගැසට් එක නිකුත් වුවත්  හිතූ මිලට විකුණන්න දෙන්නෙ  නෑ…  -රාජ්‍ය ඇමති

කිර්ති ප්‍රනාන්දු –

පාලනමිල ඉවත් කරන ලද කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති මිල ගණන් තීරණය කිරීමට එම භාණ්ඩ සැපයුම්කරුවන් ඊයේ සවස පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා සමග   සාකච්ඡාවක් පැවැත්වූ බවත්    පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වන අයුරින් මිල ගණන් වැඩි කිරීමට ඉඩ ලබා නොදෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ලංකාසරට පැවසීය.

ජනතාව අපහසුතාවයට පත්වන අයුරුන් භාණ්ඩවල මිල වැඩිකිරීමට ඉඩ ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයා ද තරයේම ප්‍රකාශ කළ බව රාජ්‍ය ඇමතිවරයා කීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ  කරනු ලැබුවේ  කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවෙන් ඉවත්කරමින් ඊයේ රාත්‍රියේ (08) නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය පිළිබඳව විමසූ අවස්ථාවේ දී ය.


පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න   විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත්කර  තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ගැසට් නිවේදනය පහත දැක්වේ.

Exit mobile version