පාර්ලිමේන්තු ආ සජබ මන්ත්‍රීලාගේ කමිස පෝස්ටරේ

පාර්ලිමේන්තුව තුළදී කාන්තාවන් අපකීර්තියට පත් කළ බවට චෝදනා එල්ල වී සිටින පොදුජන පෙරමුණු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි කළ ක්‍රියාවට විරෝධය පළ කරමින් දෙවැනි දිනයටත් අද දින පාර්ලිමේන්තුවේ සමගි ජල බලවේගයේ මන්ත්‍රීවරුන් වි‍රෝධතාවක නිරත විය.

ඒ සජබ මන්ත්‍රීවරු සිය කමිසවල ‘කාන්තාවන්ට එරෙහි හිංසනය නවතමු‘ යන වැකිය ප්‍රදර්ශනය කළ සටහනක් අලවාගෙන තැඹිලි පැහැති පටියකින් පාර්ලිමේන්තුවේ පෙනී සිටිමිනි.

පසුගියදා රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට පිළිතුරක් ලෙස වක්‍රව අසැබි වචනයකින් කාන්තාවන්ට අපහාස වන ආකාරයට ප්‍රතිචාර දැක්වූ බවට චෝදනා එල්ල වූ අතර මේ පිළිබඳ කථානායකවරයා ද ප්‍රකාශයක් කරමින් කනගාටුව පළකළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර පක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති රැස්වීමකදී මේ ගැන කතාබහවූ අතර ජානක තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට ඉදිරියේදී රූපවාහිනී විවාද වැඩසටහනකට සහභාගී වුවහොත් එවැනි අවස්ථාවල සජබ සාමාජිකයකුට ද ආරාධනය ලැබේ නම් එම ආරාධනා ප්‍රතික්ෂේප කරන බවටද තීරණයක් ගෙන ඇතැයි ද වාර්තා වේ.

Exit mobile version