පාර්ලිමේන්තුව සතියක් වර්ජනය කරන හේතුව අනුර කියයි…

මේ ආණ්ඩුව රට හමුවේ ඇති අර්බුදය විසඳන ආකාරය සම්බන්ධව නිශ්ඡිත මාර්ග සිතියමක් නොමැතිව මේ පාර්ලිමේන්තුව  පවත්වා කිසිම ප්‍රයෝජනයක් නැති බවත්,  එම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන තුරු මේ සතිය තුළ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ තීරණය කර ඇති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු පවසන්නේ දරුවන් බෙහෙත් නැතිව මිය යන විට, මිනිස්සු ගෑස් පොලිම්වල වැටී මිය යන විට රටම යන්න කියන අසමත් ජනපතිවරයා රට විසින් පන්නා දැමු පුද්ගලයෙක් අගමැති කරගෙන කරන මේ විකාර රූපී දේශපාලනය රට තවත් අගාධයට යවන බවත්ය.

“ මේ අර්බුදය මතුවෙලා මාස ගණනාවක් දැන් පාර්ලිමේන්තුව රැස් වුණා. මේ පාර්ලිමේන්තුවෙ සිදුවන විවාද කතා බහ කිසිවක් ජනතාවගේ ජන ජීවිතය අබමල් රොණකින් හෝ බලපෑමක් කිරීමට සමත් වී නෑ.“

“ඒ නිසා තවදුරටත් මේ පාර්ලිමේන්තුව මේ රටේ ජනතාව ගේ හඬ හෝ ජනතාවගේ වුවමනාවන් නියෝජනය නොකරන මධ්‍යස්ථානයක් බවට පත් වී තිබෙනවා.“


“විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු සභාගර්භයේ මේ විදිහට රැස්වුනාට එළියෙ තිබෙන අඳෝනාව කුමක් ද . දරුවන් බෙහෙත් හිඟකම හේතුකොට ගෙන රෝහල්වල මිය යන තත්වයත් මතුවෙලා. සාමාන්‍ය පුරවැසියන් තෙල් පෝලිම්වල මිය යන තත්ත්වයක් ඇතිවෙලා තියනවා. ගොවියන් සිය නාටු වුණ කුඹුර දිහා බලාගෙන හූල්ලමින් ජීවත් වෙනවා. ඉදිකිරිම් කර්මාන්තය මුළුමනින්ම නවත්වන්න තීන්දුවක් අරන්. ඍජු රැකියා ලක්ෂ 03ක් වක්‍ර රැකියා ලක්ෂ 10ක් නැතිවෙලා. මේ සියල් බිඳ වැටිලා. අධි උද්ධමනයක් රට තුළ ඇතිවෙලා. “

“ජනතාව විශාල අර්බුදයක. ඒ අර්බුදයේ වේදනාව පාර්ලිමේන්තුවේත් පාර්ලිමේන්තුවෙන් පිටත් ප්‍රකාශ වුනා.  විශාල උද්ඝෝෂණ මාලාවන් දියත් වෙලා තිබුණා. මුලුමනින්ම කේන්ද්‍රගත වුනේ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා.  එය ඉතා සාධාරණයි. “

මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන සෑම වෙලාවකම ඒ ප්‍රශ්නයට ඇහුම්කන් දුන්නෙ නෑ. උඩඟු උද්දච්ච මනෝ භාවයක් සහිතව මම තමයි හොඳටම කළේ වගේ මනෝ භාවයිකන් හිටිය. රට මේ තරම් අගාධයක වැටිලා තියනවා නම් ඉන් කියැවෙන්නේ මේ නායකයා වගකීම භාරගන්න සුදුසු නැති බවයි. වගකීම්  ඉටු නොකරන හිස් පඹයෙක් උඩඟු මිනිහෙක් ජනතාවට උඩින්  නැගී සිටිනවා නම් ඔහුට ගෙදර යන්න කියන යෝජනාව  අතිශය  සාධාණයි.

මේ අර්බුදය මතුවුණ වෙලාවෙදි  මහා නායක හාමුදුරුවරුන් යෝජනාවලියක් ඉදිරිපත් කලා. නීතඥ සංගමය යෝජනාවක් ඉදිරිපත් කලා. දේශපාලන පක්ෂ යෝජනා ඉදිරිපත් කළා. ඒ හැම යෝජනාවකම තිබුණා නිශ්ඡිත ඉලක්කයක්.  දිශානතියක් තිබුණා. අන්තර් කාලයක් තිබුණා.

ඒ සියල්ල තිබෙද්දී අගමැති ජනපති හොර රහසේ ආණ්ඩුවක් හැදුවා. හරියටම දින පනස් දෙකේ ආණ්ඩුව වගේ. ඒ ආණඩුවේ අගමැති  අර්බුදයේ ප්‍රකාශකයා වෙලා විසඳනවා වෙනුවට.

අද අර්බුදය ඔඩු දුවලා.  මේ ජනාධිපති ගැනවත්, අගමැති ගැනවත්,  පාර්ලිමේන්තුව ගැනවත් අබමල් රොණක විශ්වාසයක් ජනතාවට නෑ.

මේ අර්බුදය විසඳන ආකාරය ගැන නිශ්චිත මාර්ග සිතියමක් ඉදිරිපත් නොකර  අගමැති ජනපති ප්‍රමුඛ මේ ආණ්ඩුව  තව දුරටත් මේ පාර්ලිමේන්තුවෙ කාලය කා දැමීම වැඩක් නෑ.    වැඩ පිළිවෙළක් ඉදිරිපත් නොකර  අගමැති ජනපති බල පොරය හරහා මතුවන මේ   විසුළු දේශපාලනය නතර කළ යුතුයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ නිසා අර්බුදයෙන් ගොඩ ඒම සඳහා  නිශ්චිත  මාර්ග සිතියමක් ඉදිරිපත්  සිදුකරන තුරු   විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ තීර්ණය කරලා තියනවා පාර්ලිමේන්තුව වර්ජනය කරන්න.

Exit mobile version