පාර්ලිමේන්තුවේ පී.සී.ආර්. පරීක්ෂණ සතිපතා

හෙට (09) පෙරවරු 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අහඹු පී.සී.ආර්.පරීක්‍ෂණ වැඩසටහනට ඉදිරිපත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දැනුම් දෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය සහිතව, ඉදිරියේ දී පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන කාලසීමාවන්හීදී මෙන් ම, නොපැවැත්වෙන කාලසීමාවන්හීදී ද සතියකට වරක් මෙම පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2021 ජනවාරි මස 13 වැනි දින සිට මේ දක්වා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ක්‍රියාත්මක කරන ලද පී. සී. ආර්. පරික්ෂණ වැඩ සටහන් යටතේ අවසන් වරට 190 දෙනෙකු ජනවාරි 25 වන දින පරීක්‍ෂාවට භාජනය කරන ලද අතර එම සියලු දෙනා ආසාධිත නොවන බවට තහවුරු වී ඇත.


Exit mobile version