පාරම්පරිකව වගා කළ ඉඩම් මුදා හරින්න කිව්වට කැලේ කපන්න අවසර දීලා නෑ…

මගේ ප්‍රකාශ වැරදියට අර්තකථනය කරන්නෙ විරුද්ධ වාදීන්.... ඔවුන් මේ වැඩසටහනට බයයි... ජනපති කියයි

පාරම්පරිකව වගා කරමින් සිටි ඉඩම් වන රක්ෂිතවලට ඈඳාගෙන ඇතිනම් මුදා හරින ලෙස කීවා මිස කැලේ කපන්නට කිසිවෙකුටත් අවසර දී නැති බවත් තමන්ගේ ප්‍රකාශ වැරදි ලෙස අර්තකථනය වී ඇති බවත් ජනාධිපතිවරයා අද පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ  පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව කේන්ද්‍ර කරගනිමින් දියත් කළ 11 වැනි ගම සමග පිළිසඳර වැඩසටහනේ දී ය. එහිදී ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

තවද ඔහු පැවසුවේ ගම සමග පිළිසඳර වැඩසටහන කඩාකප්පල් කිරීම සඳහා බොහෝ විරුද්ධවාදීන් පිරිසක් සිටින බවය.   එම විරුද්ධවාදීන් මෙම වැඩසටහනේ වැරදි පැතිම මතුකරමින් එය කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේ රාජ්‍ය නායකයා ගමට ගොස් ගමේ මිනිසුන් හමුවී කතා කරන විට ඔවුන්ට ඉදිරියේ ඇති අවස්ථා නැති වෙතැයි ඇතිවන බය නිසා බව   කී ජනාධිපතිවරයා තමන්ගේ උපක්‍රමය තව තවත් ගමට ගොස් එම විරුද්ධවාදීන් බය කිරීම බව පැවසීය.


“ මේ වැඩසටහනේ දි මම   කියන සමහර දේවල්  වැරදිව අර්තකථනය කරනවා. මම ගිය හැම තැනකදිම ජනතාව ඉඩම් ප්‍රශ්න පිළිබඳව   කිව්වා. බොහෝ වෙලාවට රක්ෂිතයක් ආසන්නයේ  පාරම්පරිකව වගා කළ භූමි සම්බන්ධව   වනරක්ෂණ හා වනජීවි දෙපාර්තමේන්තු විසින් මායිම් ගල් දැමීමේ දී දෝෂ ඇතිවෙලා  තිබුනා.   සමහර අවස්ථාවල මේ   දෝෂ   නිසා පරම්පරිකව වගා කළ භූමිත් අල්ලලා මායිම් ගල් දාලා තිබුණා. මේ කතාව හැම තැනකදිම වගේ කිව්වා. එතකොට ප්‍රතිපත්තියක් වශයෙන් අපි සාකච්ඡා කරලා කිව්වා අවුරුදු ගානක් වගා කරපු බිම්වලට ඉඩ දෙන්න කියලා. ඒක මම දන්නෙ  නෑ තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි කියලා.  එහෙම උනා කියලා වනාන්තරේට ගිහින් වනය කපන්න අවසර දීලා නෑ.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ කැලයක් කපනවා නම් ඒක ඒ නිධාරීන් වහාම නවත්වන්ට ඕන. ඒක නෙමෙයි කියලා තියෙන්නෙ.   ගූගල් මැප් එකෙන් බලලා මායිම් ලකුණු කරනකොට ප්‍රායෝගිකව වැරදි වෙන්න පුලුවන්. ඒවා නිවැරදි වේනන ඕන. මේවා කඩාකප්පල් කරන අදහසින් වැඩ කරනකොට වැරදි මත එනවා. එතකොට අවශ්‍ය දේ සිද්ධ වෙන්නෙ නෑ.“

 

Exit mobile version