පානදුරේ තරුණියව සමූහ දූෂණයට ලක් කළ දූෂකයින් අත් අඩංගුවට…

සුමිත් පොතුපිටිය –

සේවය නිමවා නිවසට යමින් සිටී 18 හැවිරිදි තරුණියක නිවසට ඇරලවීමට යැයි පවසා ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා ලොරි රථය තුළදීම සමූහ දූෂණයක් කළ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර අරුක්ගොඩ සහ එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි 45, 24 සහ 23 වියැති පුද්ගලයන් බව පොලිසිය කීය.

සමූහ දූෂණය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු සහ සහායකයාද එයට අනුබලදීම සම්බන්ධයෙන් ලොරි රථ හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

ඉකුත් 03 දා රාත්‍රි පානදුර නගරයේ වෙළද සැලක සේවය නිමවා නිවසට යමින් සිටී තරුණිය නිවසට ඇරලවීමට ලොරි රථයකට නංවාගෙන වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට රැගෙන ගොස් ගෙලට කිනිස්සක් තබා සමූහ දූෂණයක් කළ බවට වින්දිත තරුණිය පොලිසියට ප්‍රකාශකයක් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ සෘජු අධීක්ෂණය පොලිස් කණ්ඩායම් දෙකක් සිසීටීවී දර්ශන සියයකට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.


තරුණිය නංවාගෙන සමූහ දූෂණයට ලක්කල ලොරි රථය , කිනිස්ස සහ පුළුන් කොට්ටයක්ද සොයාගත් බව පොලිසිය කීය.

තරුණිය එදින රාත්‍රි පානදුර පොදුවෙළද සංකීර්ණය අසලින් යමින් සිටියදී රියදුරු විසින් ලොරි රථයට නංවාගෙන වාද්දුව ප්‍රදේශයට රැගෙන ගොස් බියගන්වා ඉදිරි අසුනේ තබගෙන මාරුවෙන් මාරුවට සමූහ දූෂණයට ලක්කර ඇති බවට තොරතුරු හෙලිව ඇතැයිද වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේතුංග මහතා ගේ මෙහෙයවීමෙන් සැරයන් විජේරත්න (45903), කොස්තාපල්වරුන් වන ගමගේ (28308), ටිරෝෂන් (91160), මධුමාල් (100103), ජයවික්‍රම (99513), බණ්ඩාර (100265), බණ්ඩාරනායක (100014), සමරකෝන් (100191) සහ කෝනාර (28474) වැටලීමට එක්වූහ

Exit mobile version