වෛද්‍ය පාදෙනියට එරෙහිව ආ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙයි

padeniya & jayaruwan

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලබන මාසයේ පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේ සභාපති ධුරය සඳහා නාම යෝජනා ලබා දුන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ. මෙම නාම යෝජනා පත්‍රෙය් පැවැති සුළු අඩුපාඩුවක් හේතුවෙන් එම නම ප්‍රතික්ෂේප කිරීමට එම සංගමයේ නාම යේජනා කමිටුව තීරණය කර තිබේ. මෙම නිලවරණය ලබන ජූනි 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණත් දැනට සභාපතිත්වය සඳහා නාම යෝජනා භාරදී ඇති නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමත් සමග ගැටලුකාරී ත්තත්වයක් උද්ගත වී ඇති බව සඳහන් වෙයි.
කොලඹ වෛද්‍ය පර්යේෂණායතනයේ හිටපු අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මේ වනවිට නිලවරණ කමිටු සභාපති වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න මහතා වෙත ඇපෑලක් ගොනු කර ඇති අතර මීට අමතරව නීතිඥ සහාය පතන බවත් සඳහන් වේ. පවතින සංචරන සීමා හේතුකරගෙන නාම යෝජනා පත්‍ර භාර දීමට අපොහොසත් වූ රජයේ වෛද්‍යවරුන් පිරිසක් ද නාම යෝජනා භාර දීමට අදාල කාලය දීර්ඝ කර දෙන ලෙස නිලවරණ කමිටු සභාපති වෛද්‍ය මන්ත්‍රී චන්ද්‍රරත්න මහතාගෙන් සහ වෘත්තිය සමිති පිළිබඳ කම්කරු සහකාර කොමසාරිස්වරයා ගෙන් ඉල්ලීම් කර ඇති බව වෛද්‍ය සංගම් ආරංචි මාර්ග ලංකාසර ට පැවසීය.

Exit mobile version