පාතාලයේ සැඟවුන ඝාතක බූරු මූණාට රැකවරණය දුන් පුද්ගලයා අත්අඩංගුවට…

කටුනායක පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී  ශ්‍රමනයින් දෙදෙනෙකුගේ සහ පොලිස් නිලධාරීන් පරිසකගේ සහාය සහිතව පලා ගිය පාතාලයේ සැඟවුන ඝාතක බූරු මූණාට ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කර දී, ඔහුට නවාතැන් සපයා, ගුවන්තොටුපලට ද රැගෙන පැමිණි පුද්ගලයා නුවරඑළිය ප්‍රදේශයේ සැඟවී සිටිය දී   විශේෂ කාර්ය බලකාය විසින්   අත්අඩංගුවට ගෙන මීගමුව අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  අලුත්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක ශ්‍රී ලංකා නාවික හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු පුද්ගලයෙකි.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ සීසීටීවී කැමරා ඔස්සේ සිදුකළ දර්ශන ඇසුරින් කරන ලද දීර්ඝ පරීක්ෂාවකින් අනතුරුවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීගමුව අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Exit mobile version