පාඩු ලබන රාජ්‍ය ආයතන 159ක් ප්‍රතිව්‍යුහගත කරණයට අයි.එම්.එෆ් උපදෙස්…

පාඩු ලබන රාජ්‍ය ආයතන 159ක් ප්‍රතිව්‍යුහගත කරන ලෙස ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල රජයට යෝජනා කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර  ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

මෙම ආයතනවලින් කොටසක් මුළුමනින්ම රාජ්‍ය පරිපාලනයෙන් බැහැර කිරිමටත්   බහුතරයක්   සියයට 51 කොටස් රජයට තබාගෙන ප්‍රතිව්‍යුහගත කිරීමටත් කටයුතු කරන ලෙසත්  මූල්‍ය අරමුදල දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙහිදී ප්‍රතිව්‍යුහගත කරන ආයත  රජයේ අධීක්ෂණය  යටතේ පවත්වාගෙන යෑම උපදෙස් ලැබිලා තිබේ.

ඒ අනුව ඉදිරියේදී අයි.එම්.එෆ් එක රජයට ආධාර ලබා දීම ඇතුළු ඒ කටයුතු කරන්නේ.


ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් ලබන 20 දා ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ණය ලබා ගැනීමට නම් එම අරමුදලේ ප්‍රධාන මණ්ඩලය ණය ගිවිසුමට අත්සන් තැබිය යුතුව ඇත.

මෙම ණය ලබා ගැනීම   සඳහා රජයේ ආදායම ඉහළ නැංවීම, සහනාධාර සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ  ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පිළිගත හැකි  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම යනාදි කටයුතු රැසක් සිදු කිරීමට  රජයට සිදුවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය වෙනුවෙන්  කටයුතු කරන ආයතන දෙකක නියෝජිතයින් මේ වනවිටත් ඒ සම්බන්ධව ක්‍රියාත්මක වී ඇති     බව රජය කියයි.

Exit mobile version