පාකිස්ථාන රජය ආර්ථික ගැටලු නිසා තේ බොන්න එපා කියයි

පාකිස්ථාන රජය විසින් එරට ජනතාවට අඩුවෙන් තේ පානය කරන ලෙසට විශේෂ ඉල්ලීමක් කර තිබෙන බවට වාර්තාවේ.
මේවන විට එරට මුහුණ දී ඇති දරුණු විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙලෙස තේ පානය කිරීම අඩුකරන ලෙසට සැලසුම් සහ සංවර්ධන අමාත්‍ය අශාන් ඉක්බාල් විසින් ඉල්ලා තිබේ.

දවසකට තේ පානය කිරීම තේ කොප්පයකින් හෝ දෙකක් අඩු කළහොත් එවිට ආනයන සඳහා පැනවෙන බර යම් මට්ටමකින් අඩුවෙනු ඇත. යනුවෙන් අමාත්‍යවරයා පවසා ඇත.

පාකිස්ථනය ලොව වැඩිම තේ ආනයනකරු වන අතර 2020 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 640ක වටිනා තේ ආනයන කර ඇති බවට එරට දත්ත වාර්තා අනාවරනය කරයි.

ඒ අනුව මේවන විට පාකිස්ථනය විසින් විදේශ ණය මුදල් යොදාගෙන තේ ආනනයන කරනු ලබන බවද අමාත්‍ය ඉක්බාල් පෙන්වා දී ඇති අතර පවතින තත්ත්වය හමුවේ ව්‍යාපාර පවා සිය විදුලි පරිභෝජනය අඩුකරන මට්මටක මෙවැනි කැපකිරීමක් සිදුකළයුතු බවද ඔහු සඳහන් කර ඇත.


කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පාකිස්ථාන ජනතාව තුලි දැඩි විරෝධතාවයක් මෙන්ම සමාජ ජාල මාධ්‍ය තුල දැඩි විවේචනයන්ද එල්ල වී ඇති බවට වාර්තාවේ.

පාකිස්ථානයද මේවන විට ශ්‍රී ලංකාවට සමාන ආර්ථික අභියෝගයකට මුහුණ දී ඇති අතර පසුගිය කාලයේදී දිනක පැය 12කට ආසන්න කාලයක් විදුලි විසන්දවීමකටද පාකිස්ථාන ජනතාව මුහුණ දෙනු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේවන විට පාකිස්ථානයේ විදේශ සංචිත සීඝ්‍ර ලෙස පහත බැස ඇති අතර පෙබරවාරී මාසයේදී ඇමරිකානු ඩොලර් බිලිනය 16.3ක සංචිත පැවති අතර එය මැයි වන විට බිලියන 10 දක්වා පහත බැසි අතර අතර එය පාකිස්ථානයේ මාසය දෙකක ආනයන ආවරණය කිරීමට පමණක් ප්‍රමාණවත්ය.

Exit mobile version