පාකිස්ථානය පෙර වැරදි අනාගතයට හරස්වෙන ලකුණු

පාකිස්ථානය විසින් ඇමරිකා එක්සත් ජනපද වෙළෙඳ පොළට ඇතුළු වීමට ඉඩ සලසන ජී.එස්.පී බදු සහනය ලබා ගැනීමට දිගින් දිගමට අසමත්වී ඇති බවට වාර්තා වේ.

මීට මූලික වශයේ හේතු වී ඇත්තේ පාකිස්ථානය විසින් එරට සේවකයින්ගේ සුබ සාධනය, මානම හිමිකම්,අගාමික නිදහස, යහපාලනයට අදාන ගුණාංග වන සාධණීය වර්ධණයක් අත්කරගැනීමට අසමත්වීමයි.

වාර්තා වන අන්දමට ඇමරිකා එක්සත් ජනපදය විසින් සිය ජී.එස්.පී බදු සහනය ආසියාන කළාපයට ලබාදීම පුළුල් කිරීමට පියවරගෙන ඇති අතර එහිදී පාකිස්ථානයටද අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.


කෙසේවෙතත් රාජ්‍ය නොවන සංවිධාන සහ මානම හිමිකම් නිරීක්ෂකයින් විසින් පාකිස්ථානයේ සේවක අයිතීන් සුකර්ෂා කිරීමට නිසි පියවර ගෙන නොමැති බවට දිගින් දිගටම වාර්තා කිරීම මගින් එරට ප්‍රතිරූපයට දැඩි බලපෑම් එල්ල වී ඇත.

මේවන විට යුරොපා සංගමය විසින් පාකිස්ථානයට ලබා දී ඇති ජී.එස්.පී ප්ලස් බදු සහනය සම්බන්ධයෙන්ද දැඩි අවිනිෂ්චිත තාවයක් නිර්මාණය වී ඇති බවට වාර්තවේ. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ යුරෝපා සංගමය විසින් නව නිර්ණයක කිහිපයක් පැනවීමට තීරණය කිරීමත් සමඟයි.

ඒ අනුව එම නිර්ණායක පැනවීම සිදු වුවහොත් පාකිස්ථානයට එම බදු සහනය අහමිවීමේ අවදානමක්ද නිර්මාණය විය හැකි බවට වාර්තාවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වයත් සමඟ පාකිස්ථාන තානාපති මසුඩ් ඛාන් විසින් එකසත් ජනපද බලධාරීන් සමඟ විශේෂ නිල සාකච්ඡාවක් පවත්වා ඇත එහෙත් වාර්තා වන අන්දමට එය සාර්ථක වී නොමැත අතර එහිදී පාකිස්ථානයේ සිදුවන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අවාදානය යොමුව ඇත.

Exit mobile version