පාකිස්ථානය පුරා හිතේ හැටියට කැමරා සවිකරන චීන සමාගම්

Security Cameras

පාකිස්ථනයේ ග්වාඩර් නගරය පුරා චීනය විසින් විශේෂිත ආරක්ෂිත කැමරා 500ක් සවි කිරීමට පියවරගෙන ඇති බවට නවතම මාධ්‍ය වාර්තා මගින් අනාවරණය වේ.

ඒ අනුව චීන රජය විසින් ඉදි කළ ග්වාඩර් වරාය වාණිජ කටයුතු වලට යොදා නොගෙන යුධමය අවශ්‍යතා වලට යොදා ගැනීමට උත්සහකරමින් සිටින බවටද සැකයක් මතු වී ඇති බවට පාකිස්ථාන මාධ්‍ය සඳහන් කරයි.

මේ අතර බලොචිස්ටාන් හී හිටපු මහ ඇමති අනාවරණය කර ඇත්තේ චීන සමාගම් විසින් ග්වාඩර් ප්‍රදේශයේ වෙසෙන වැසියන් බලහත්කාරයෙන් සිය වාසස්තාන වලින් ඉවත් කිරීමටද පියවරගෙන ඇති බවයි. මෙලෙස ජනතාව ඉවත්කර ආරක්ෂිත වැටක් ඉදිකිරීමටද මෙම චීන සමාගම් පියවරගෙන ඇති බවද හිටපු මහ ඇමතිවරයා අනාවරණය කරයි.


ඒ අනුව පාකිස්ථානයේ ක්‍රියාත්මක චීන සමාගම් පාකිස්ථාන චීන ආර්ථික කොරිඩොව මගින් හිමිවන වරප්‍රසාද අයුතු ලෙස යොදාගන්නා බවට අවස්ථා ගණනාවකම වාර්තාවී ඇති අතර එහිදී චීන සමාගම් පාකිස්ථාන වැසියන්ට දැඩි අඩත්තේට්ටම් සිදුවන අයුරින් සැලකීම් කරන බවටද වාර්තාවේ.

මෙම තත්ත්වය අනුව ඉදිරි වසර 3ත් 5ත් අතර කාලය ගෝලීය වශයෙන් ඉතාම වැදගත් කාලපරාසයක් වීමට ඉඩ පවතින බවට අනාවරණයවේ. මෙහිදී පාකිස්තාන ආරක්ෂක අංශ සහ චින ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් ඇතිවීමේ අවාදනමක්ද පවතින බවට විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට ප්‍රධානමත හේතුව ලෙස ඔවුන් පෙන්වාදී ඇත්තේ පාකිස්ථානයේ වෙසෙන චීන ජාතිකයින් හට අවි රැගෙන යාමට අවසර හිමිවීමයි. එසේම මෙම චීන ව්‍යාපෘති සිදුකෙරන ස්ථාන වල චීන ආරක්ෂක අංශ සාමාජිකයින්ට ස්ථාන ගත කර ඇති බවැනි මෙම දරුණු තත්ත්වය ඇතිවීමට බොහෝවිට ඉඩ පවතින බවද විශේසඥයින් පෙන්වා දෙයි.

Exit mobile version