පාකිස්ථානය ත්‍රස්වාදයට මුදල් දුන් හැටි

දරුණු ජිහාඩ් ත්‍රස්ත සංවිධානයක් වන ඉස්ලාමීය රාජ්‍යක් උදෙසා කොරාසන් පළාත නමින් හැදින්වෙන සංවිධානයට පාකිස්ථානයේ සහ තවත් රටවල් කීපයකින් අරමුදල් ලැබුණු බව හිටපු තලේබාන් නායකයෙකු අනාවරණය කර ඇත.

අදාල තලේබාන් නායකයකු වන ශෙයික් අබ්දුල් රහිම් මුස්ලිම්ඩෝස්ට් විසින් මේබව අනාවරණය කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන ආරක්ෂක තලේබාන් හිතවාදී අල් මර්සාද් මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි. මේ සම්බන්ධයෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන ආරක්ෂාව සහ දේශපාලන වර්ධනයන් සමඟ කටයුතු කරන සංවිධානයක් වන ඇෆ්ගන් ඇනලිස්ට් සංවිධානය විසින්ද කරුණු රැසක් අනාවරණය කලේය.

එහිදී අදාල සංවිධානය විිසින් සඳහන් කර අදාල ඉස්ලාමීය රාජ්‍යක් උදෙසා කොරාසන් පළාත සංවිධානයට පාකිස්ථානය, සිරියාව සහ ඉරාකයේ අයි.එස් ත්‍රස්ත සංවිධාන අරමුදල් සැපයීම කර ඇති බවයි.


මේ අතර මුස්ලිම්ඩෝස්ට්ගේ සම්මුඛ සාකච්ඡාව උපුටා දක්වමින් ඇෆ්ගන් ඇනලිස්ට් සංවිධානය පේනවා දී ඇත්තේ, 2015 දී ලෂ්කාර්-ඊ-ටයිබා විසින් ඉස්ලාමීය රාජ්‍යක් උදෙසා කොරාසන් පළාත සංවිධානයට වෙත පාකිස්තාන රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දුන් බවයි.

එමෙන්ම අනෙක් අරමුදල් මූලාශ්‍රය උපුටා දක්වමින් මුස්ලිම්ඩෝස්ට් පැහැදිලි කළේ පැහැරගැනීම් හරහා කප්පම් ගැනීම ත්‍රස්තවාදී අරමුදල් සැපයීමේ තවත් ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස භාවිත කළ බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2014 අග භාගයේදී ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමට පක්ෂපාතී බවට දිවුරුම් දුන් පළමු ඇෆ්ගන් ජාතිකයා තමා නොවන බවත්, මදීනාවේ ඉස්ලාමීය අධ්‍යයනයෙන් උපාධිය ලබා ඇති හෙල්මන්ඩ්හි මවුලානා ඉඩ්‍රිස් පළමු වැන්නා බවත් මුස්ලිම්ඩෝස්ට් සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය.

Exit mobile version