පාකිස්ථානය ත්‍රස්තවාදය නඩත්තු කිරීම ගැන මුස්ලිම් සංවිධානයක් මෝදිට ලියයි

Narendra Modii

පාකිස්ථානය, ත්‍රස්තවාදය නඩත්තු කරන බවට ලක්නව් ප්‍රධාන කරගත් ෂියා මුස්ලිම් කණ්ඩායමක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හට ලිපියක් යොමු කරමින් පවසා තිබේ. පසුගිය දා අසල්වැසි රටවල් කිහිපයක ෂියා මුස්ලිම් කණ්ඩායම්වලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ෂියා හුසෙයින් පදනම (ඕල් ඉන්දියා ෂියා හුසෙයින් ෆන්ඩ්) අප්‍රේල් 26 වෙනිදා විසින් මෙම ලිපිය යොමු කර ඇත.

ෂියා සුළු ජාතීන්ගේ රුධිර ස්නානයට ගෙවුණු වසර 35ක කාලය තුළ පාකිස්ථානයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායම් සම්බන්ධ වී ඇති බවට ඔවුන් මෙමඟින් චෝදනා කරයි.

ගෙවුණු කාලයේදී ෂියා පල්ලිවල වන්දනාමාන කරමින් හිටිය මුස්ලිම්වරුන් 35000කට ආසන්න සංඛ්‍යාවක් පාකිස්ථාන ත්‍රස්තවාදී කණ්ඩායම්වල බිල්ල බවට පත්වුණා… ඇෆ්ගනිස්ථානයේත් ෂියා හසාරා කණ්ඩායම් ෂියා පල්ලි හා පාසැල්වලදී පහරදීම්වලට ලක් වුණා..

කණ්ඩායමේ මහලේකම් ’සයිඩ් හසාන් මෙහ්දි’ සඳහන් කරයි.


ඉන්දියාවේ වෙසෙන ෂියා මුස්ලිම්වරුන් වශයෙන් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ පාකිස්ථානයට හා ඇෆ්ගනිස්ථානයට ඇතුල් වි ත්‍රස්තවාදීන් සමඟ සටන් කරන්නට අවසර දෙන ලෙසයි..

පාකිස්ථානයේ වෙසෙන සේම ලෝකයේ අනෙකුත් රටවල විසිරී සිටින ත්‍රස්තවාදීන් ඉන්දියාවේ පොදු හතුරෙකු බව සඳහන් කරමින් ඔහු ඉල්ලා සිටියි.

පාකිස්ථානය නඩත්තු කරන ත්‍රස්තවාදීන් සමඟ සටන් වැදී අපේ ජීවිත පරිත්‍යාග කිරීමට රජය ඉඩදෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙන්නෙමු..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ෂියා පදනම විසින් යොමු කළ ලිපියේ වැඩිදුරටත් සටහන්ව ඇත.
පාකිස්තානයේ පේෂාවර් හි පිහිටි ෂියා මුස්ලිම් පල්ලියකට පසුගිය මාර්තු 4 වෙනිදා එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 60 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මිය ගියහ. එහිදී වයස අවුරුදු 10ට අඩු ළමුන් හත් දෙනෙකු මියගොස් පුද්ගලයින් 200කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලැබීය

Exit mobile version