“ප්‍රේමලාල් ගැන තීරණය කරන්නේ නීතිපති නොව පාර්ලිමේන්තුවයි”

වාසු කියයි

නීතිපතිවරයා කටයුතු කරන්නට උත්සාහ කරන්නේ අනවශ්‍ය බලයක් ආරෝපණය කරගෙන බවත්, මරණිය දණ්ඩනය නියම වී ඇති ප්‍රේමලාල් ජයසේකර ලබන 08 වැනිදාට පාර්ලිමේන්තුවට ගෙන්වනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ කතානායක හා පාර්ලිමේන්තුව බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

තමන්ට ලබා දුන් දඬුවම සම්බන්ධව ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ මොහොතේ සිට එතෙක් පනවා තිබූ දඬුවම අත්හිටවෙන බව කියන ඇමතිවරයා නීතිපතිවරයාට කළ හැක්කේ අභියාචනය විභාගවන විට පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට නීතිමය කරුණු දැක්වීම පමණක් බව කියන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් පසුගිය දා නීතිපතිවරයා පවසා තිබුණේ මරණීය දණ්ඩනයට ලක් වී සිටින ප්‍රේමලාල් ජයසේකරට අනෙක් අපරාධ දඬුවමකට ලැබෙන අවකාශය නොලැබෙන නිසා පාර්ලිමේන්තුවට පැමිණ දිවුරුම් දීමට නීතිමය ඉඩක් නැති බවය.


Exit mobile version