ප්‍රියන්ත ඝාතන නඩුව නිරීක්ෂණයට විශේෂ මැදිරියක්… දිනපතා නඩු විභාගයක් සඳහා සූදානම්!

ප්‍රියන්ත කුමාර ඝාතන නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මැදිරියක් පිහිටුවීමට පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

පාකිස්තානයේ සියල්කොට් හිදී ප්‍රියන්ත කුමාර මහතාට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ නඩුව දිනපතා විභාග කිරීමටත් ඒ නඩු විභාගය නිරීක්ණය කිරීම සඳහා විශේෂ මැදිරියක් පිහිටුවීමටත් පළාත් කැබිනට් කමිටු රැස්වීමේ දී තිරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නඩුව දින 14ක් තුළ අධිකරණය හමුවේ ගොනු කිරීම සඳහා ද දැනුම් දී  ඇත.


නීති අමාත්‍ය මුහම්මද් බෂාරත් රාජාගේ ප්‍රධානත්වයෙන් පැවති නීතිය හා සාමය පිළිබඳ පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

දැනට ඝාතන සිද්ධිය සම්බන්ධ සැකකරුවන් සේ හඳුනාගෙන ඇති නමුත් අත්අඩංගුවට නොගත් පරිස් වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව පංජාබ් පොලිසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් සම්බන්ධව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් පොලිසිය කියයි.

Exit mobile version