ප්‍රසිද්ධියේ සමාව ගන්න ජූරි අකමැති නිසා පුෂ්පිකා නඩුමඟට

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟයේ දී කිරුළ ගලවා තමාට කළ අපහාසය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ තමාගෙන් සමාව ගන්නැයි ලෝක විවාහක රූ රැජිණ කැරලයින් ජුරිට කළ දැනුම්දීම පිළිගැනීමට ඇය අකමැති වීම නිසා නඩු කටයුත්තකට යාමට සිදු වූ බව කිරුළ හිමි පුෂ්පිකා ද සිල්වා පවසයි.

කුරුදුවත්ත පොලිසියට සිද්ධි අදාළ සියලුම පාර්ශව අද කැඳවා තිබූ අතර එහිදී පොලිසිය විසින් මේ සමථයකට පත් කිරීම සඳහා පැය හතරක් තිස්සේ උත්සාහ කළ ද එය අසාර්ථක වී ඇත්තේ කැරලයින් ජූරි ප්‍රසිද්ධියේ හෝ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා හෝ සමාව ගැනීමට අකමැති වීම නිසා ය.

ජූරි පවසා ඇත්තේ පෞද්ගලික ලිපියක් හරහා හෝ නිවසේදී වීඩියෝ දර්ශනයකින් සමාව ගැනීමට තමන් සූදානම් බවයි.


පුෂ්පිකා ද සිල්වා පොලීසියේ දී ඇයට පවසා ඇත්තේ තමාට අපහාසයක් වූ බැවින් අදාළ සියලුම දෙනා හෝ ජූරි විසින් හෝ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා හෝ තම නම සඳහන් කර සමාව ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් කිරුළ ගැලවූ කැරලයින් ජූරි මෙන්ම එම සිද්ධියට සම්බන්ධ වූ ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර අද අත්අඩංගුවට ගත් අතර පොලිස් ඇප මත මුදා හැරිණ.

මෙම සිද්ධියට අදාළව මෙම තව ගේ ජාතික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ පොලිසියෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.

“කැරොලයින් ජූරි, චුලා පද්මේන්ද්‍ර, පුෂ්පිකා ද සිල්වා ඇතුළු සියලුම දෙනා අද පොලීසියට ආවා. පුෂ්පිකාගේ ඉල්ලීම වුණේ ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ඇයගෙන් සමාව ගතයුතු බව. එයට පමණක් කැරොලයින් ජූරි එකඟ වුණේ නෑ. ඇය කිව්වේ ඇය පෞද්ගලික ලිපියක් හරහා නිවසේදී වීඩියෝ දර්ශනයකින් සමාව ගන්නම් කියලා. පුෂ්පිකාගේ නම සඳහන් නොකර සමාව ගන්නම් කියලා. පුෂ්පිකා ඒකට කැමති වුණේ නෑ. පිරිසක් ඉදිරියේ ඇය අපහසුතාවයට පත්වූ නිසා නඩු කටයුත්තක් සඳහා යොමු වුණා. මේ මාසයේ 19 වනදා නඩුව පැවැත්වෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බොහොම කණගාටුදායක තත්ත්වයක්. පොලීසිය විශාල වෙහෙසක් ගත්තා මේක සමතයකට පත්කරන්න. බැහැයි සමහරුන්ගේ තියෙන ආකල්පමය ප්‍රශ්නයක් නිසා කණගාටුදායක තත්ත්වයකට පත්වුණා. තමන් වැරැද්දක් කළා කියලා නිහතමානීව මාධ්‍ය ඉස්සරහට ගිහින් පිළිගන්න ඕන. මම නිර්මාණය කරපු කෙනෙකුට මේ තත්ත්වය උදා වෙනවට මම කැමතිත් නෑ. රෝසි සේනානායක මහත්මියත් ඇයට දුරකථනයෙන් පැයක් විතර කතා කරලා මේක විසඳගන්න උපදෙස් දීලා තිබුණා.”

Exit mobile version