ප්‍රශ්නය ඇත්තේ පැවති ආණ්ඩුවල නොවෙයි… දෙමළ දේශපාලකයන්ගේ…

ස්විස්ටර්ලන්ත මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් යාපනයේ මාධ්‍යවේදීන්ට කියයි...

දිනසේන රතුගමගේ

දෙමළ ජාතික සන්ධානයට  හා එහි නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයාට ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට සහභාගී වීම සදහාත් ඊට යෝජනා ඉදිරිපත් කිරීමටත් අයිතියක් ඇති නමුත් ඔහු දෙමළ ජනයාගේ එකම නියෝජිතයා ලෙස මානව හිමිකම් කමිටුව පිළිනොගන්නා බව ස්විස්ටර්ලන්තයේ සිටින මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන එස්.සුදාකරන් අධි නීතිඥවරයා  ඊයේ (15 ) පැවසීය.

යාපනයේ ජනමාධ්‍ය වෙත ස්විස්ටර්ලන්තයේ සිට අදහස් දැක්වූ ඔහු කියා සිටියේ දෙමළ දේශපාලන  චරිත වලට යම් භූමිකාවක් ඇති නමුත් ඔවුන් ඉදිරිපත් කරනු  ලබන සියලු දේ මානව හිමිකම් මණ්ඩලය විසින් පිලිනොගන්නා බවයි.

සම්පන්ධන් මන්ත්‍රීවරයා ජිනීවා මනාව හිමිකම් මණ්ඩලයේදී සමස්ත දෙමළ ජනතාවගේ පූර්ණ වගකීම බාරගෙන කටයුතු කරණ ආකාරයක් පෙනී යන නමුත් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඔහු තවත් එක් දෙමළ දේශපාලන චරිතයක් පමණක් බවද ප්‍රකාශ කළේය.


ජිනීවා මානව හිමිකම් මණ්ඩලය විසින් මීට වසර හතරකට ඉහතදී ශ්‍රී ලංකාවට ඉටු කිරීම සදහා යෝජනා කොට ඇති යෝජනා වලින් බොහොමයක් ඒ ඒ රජයන් විසින් ඉටු කොට ඇති බව පැවසූ එම මානව හිමිකම් ක්‍රියාධරයා ප්‍රශ්නය වී ඇත්තේ දෙමළ දේශපාලනඥයින් ඒවා පිළිගැනීමට ඇති අකැමැත්ත බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් ඉදිරිපත් වූයේ ජගත් මානව හිමිකම් කමීටුවෙන් වූවත් එය ක්‍රියාත්මක කිරීම හෝ අධීක්ෂණය කිරීම ඔවුන්ගෙන් මෙතෙක් සිදු නොවීම නිසා රජයට දොස් නැගීමෙන් පලක් නොවන බවද  එස්.සුදාකරන් අධි නීතිඥවරයා වැඩි දුරටත් පැවසීය.

Exit mobile version