ප්‍රශ්නයට තාම විසඳුමක් නෑ… ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 12 දා සිට වර්ජනයක

ලලිත් චාමින්ද –

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ලබන අගහරුවාදා (12) සිට  කොවිඩ් මර්ධන කටයුතු ඇතුළු  සියලු රාජකාරිවලින් ඉවත්ව අඛණ්ඩ වැඩවර්ජනයක්  කිරිමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාව තින්දුකොට ඇති බැව්  රජයේ  වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් මංජුල ද සොයිසා   පවසයි.

ගාල්ල මහනගර සභාවේ උපනගරාධිපතිවරයා විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බ්‍රර්ට්‍රම් සිල්වාට  බැන තර්ජනය කිරිමේ සිද්ධිය  සාකච්ඡා මගින් විසඳාගැනීමට දිගින් දිගටම  රජයේ වෛද්‍ය  නිලධාරින්ගේ  සංගමයේ ගාල්ල ශාඛාව මගින් උත්සාහ කළද එය ආසාර්ථක වු නිසා මෙම තිරණය ගත් බව ඔහු පවසයි. මෙම ප්‍රශ්නය දැනට සති දෙකක කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින බවත්  මේ නිසා  අදාල වෛද්‍ය නිලධාරින්ගේ රාජකාරියට   බාධා එල්ලවිම මගින්  ඔවුන්ගේ වෘත්තිය අයිතින් උල්ලංඝනය වන බවද වෛද්‍ය මංජුල ද සොයිසා  පවසයි.

මෙම  ප්‍රශ්නයත් සමග තමන් විසින් කරනු ලැබු ඉල්ලීමට අනුව නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් දෙදෙනාගේ ආරක්ෂාව සහ  වෘත්තිය ගරුත්වය සලකා ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය  නගර සභාවෙන් පිටත වෙනත් ස්ථානයක ස්ථාපිත කළ බවද ඔහු පෙන්වා දෙයි. එහෙත්   අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ රාජකාරිකටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා  අවශ්‍ය මානව භෞතික හා තාක්ෂණික සම්පත් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද මේ දක්වා එම පහසුකම් ලබාදී නොමැති බවද  හෙතෙම පෙන්වා  දෙයි. මෙම තත්වය නිසා ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ කොව්ඩි මර්ධන කටයුතු මෙන්ම  ප්‍රජා  සෞඛ්‍ය සේවා බිඳ වැටෙමින් පවතින බව ද ඔහු පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම  පහසුකම් ලබා  ගැනීම  සඳහා ගාල්ල නාගරික කොමසාරිස්වරයා සමග    අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හා රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංගමයේ නියෝජිතයින්  සාකච්ඡා කළ බව පවසන වෛද්‍ය මංජුල  සොයිසා  කාර්යාලයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට   අවශ්‍ය පහසුකම් ලබාදීමට කොමසාරිස්වරයා එකග වුවද මේ දක්වා ඒ පහසුකම් ලබාදි නොමැති බව   කීවේය.

Exit mobile version