ප්‍රවීන ප්‍රහසන නළු ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගධර ටෙනිසන් කුරේ මීට සුළු මෙහොතකට පෙර අභාවප්‍රාප්ත විය.

මිය යන විට 68 වියේ පසු වූ ඔහු කලෙක සිට අසනීප තත්ත්වයෙන් පසුව ඇති බවත් පසු ගිය දිනවල හෘදයාබාදයක් හේතුවෙන් රෝහල් ගත කර සිටි බවද වාර්තා වී තිබුණි.

1952 අප්‍රේල් 30 වනදා මොරටුවේ උපන් මේ රංගධරයා මොරටුව මෙතෝදිස්ත උසස් පාසලේ අධ්‍යාපනය ලබා පූජ්‍ය තියඩෝර් එච් පෙරේරා විසින් අධ්‍යක්ෂණය කළ ‘මොරටුමුල්ල පල්ලියේ‘ වේදිකා නාට්‍යකරුවකු ලෙස ඔහු සිය වෘත්තීය දිවිය ඇරැඹි ය.


ටෙනිසන් සිංහල සිනමාවට පිවිසෙන්නේ 1987 දී දිනේෂ් ප්‍රියසාද් විසින් අධ්‍යක්ෂණය කළ‘නොම්මර එකයි‘චිත්‍රපටයෙනි.

1986 සිට මිය යන විට ඔහු චිත්‍රපට 64 කට තම රංගන දායකත්වය ලබා දී තිබිණි.

නමුත් සම්මානයකින් ඇගැයීමට පාත්‍ර වන්නේ 2017 දෙරණ සිනමා සම්මාන උළෙලේදී පමණකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීහු පවසති.

Exit mobile version