ප්‍රවීණ මාධ්‍යවේදී සිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි…

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්, ප්‍රවීන රූපවාහිනී ශිල්පියෙක්, ගේය පද රචකයෙක් වූ සිඩ්නි චන්ද්‍රසේකර අද (14) උදෑසන දිවියෙන් සමු ගත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිය වන විට ඔහු 61 වැනි වියේ පසුවූයේය. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නිර්මාණාත්මක භාවිතය පිළිබඳ වෙනම මානයක් පෙන්වා දුන් ඔහු මෑත කාලයේ ජනප්‍රිය ටෙලි නාට්‍ය තේමා ගීත ගණනාවක් නිර්මාණය කළේය. අනන්තයෙන් ආ තරු කුමරා, මේ ආදරයයි, ප්‍රේම දඩයම ටෙලිතේමා ගීත මෙන්ම නැගිටිමු ශ්‍රී ලංකා ගීතය නිර්මාණය කිරීමෙන් ඔහු මෑත කාලයේ දී බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත් විය. සිඩින් චන්ද්‍රසේකර කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

 

Exit mobile version