ප්‍රමිති ආයතනයේ කෙරුවාව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ අංශය හෙළි කරයි…

පරීක්ෂණ වාර්තා එන්න කලින් වස වෙළෙඳපලට මුදා හරිනවා… වාර්තා එනකොට මිනිස්සු වස කාල ඉවරයි...

සමන්තිකා වීරවර්ධන –                                                    

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුගමනය  කරන ඇතැම් ක්‍රමවේදයන් හේතුවෙන් රට තුළට වස විස ඇතුළු වීම වැලැක්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ අංශය සදහන් කරයි‍.

විශේෂයෙන්ම පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මෙරටට ආනයනය කළ පොල්තෙල් කන්ටේනර් 60න්  කන්ටේනර් 31ක පමණ ඇෆ්ලටොක්සීන්  පිළිකා කාරකය අන්තර්ගත බව ප්‍රමිති ආයතනය මගින් සිදුකළ පරික්ෂා කිරිම් වලදී තහවුරු වී ඇතැයි  ආහාර ආරක්ෂණ අංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මීට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පරික්ෂණ සඳහා මෙහි නියැදි ලබා ගැනීමත් සමග ඒවා පරික්ෂා කර වාර්තාව ලබා දීමට පෙර අදාල සමාගමට එම පොල්තෙල් වෙළදපොල සදහා නිදහස් කරන මෙන් දැනුම් දීම බවද ඔහු පැවසීය.


කෙසේ නමුත් අෆ්ලටොක්සීන් අන්තර්ගත බව සඳහන් කරමින් ප්‍රමිති ආයතනය  රසායනාගාර වාර්තාව ලබා දෙන විටත් අදාල පොල්තෙල් අලෙවිකර අවසන් යැයි ඔහු අවදාරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපි මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධනගෙන් විමසු කළ ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා ප්‍රමිතියආයතනය මගින් අනවශ්‍ය බලයක් ලබා ගනිමින් ආහාර සඳහා විවිධ නියෝගයන් නිකුත් කරන බවකි. 

Exit mobile version