ප්‍රමාද වූ කොවිඩ් මරණ 63ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වාර්තා කරයි… ඊයේත් මරණ නෑ ලු…

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සුපුරුදු පරිදි ප්‍රමාද මරණ 63ක් වාර්තා කරමින්  ඊයේ (12) මරණ වාර්තා නොවුණු බව සඳහන් කරන්නේය.

ඔහු වාර්තා කරන මරණ යළිත් වරක් මැයි මාසයේ තුන්වන සතියට තරම් ඈතට යන්නේය. මැයි 23 සිට මැයි 31 දක්වා මරණ 12ක් සහ ජූනි 01 සිට 11 දක්වා මරණ 51 ලෙස මෙම මරණ වාර්තා කරන්නේ.

තවමත් මේ එක් දිනකට අදාල නිශ්චිත මරණ සංඛ්‍යාව කුමක් දැයි තහවුරු කර ප්‍රකාශ කළ නොහැකි බවත් සෞඛ්‍ය බලධාරීන් ඉතාම වෙහෙසක් දරා මරණ සංඛ්‍යාව කළමනාකරණය කරමින්  සිටින බවත් මේ පිළිබඳව විමසීමක දී සෞඛ්‍ය අංශයේ ඉහළ බලධාරියෙක් ලංකාසරට පැවසීය.


මරණ 101 වාර්තා වූ අවස්ථාවේ අවසාන මොහොත දක්වා එම මරණ සංඛ්‍යාව අඩු කර වාර්තා කිරීමට සෞඛ්‍ය අංශයේ ඉහළම නිලධාරීන්  උත්සාහ කළ බවත් එම ආරංචි මාර්ග පැවසුවේය.

කෙසේ වෙතත් මේ වන විට රජය නිල වශයෙන් වාර්තා කරන කොවිඩ් මරණ සංඛ්‍යාව 2136කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව නිකුත් කර ඇති වාර්තාව පහත දැක්වේ.

Exit mobile version