ප්‍රථම වරට ලංකාවේ කබඩි ක්‍රීඩකයෙක් ඉන්දීය ක්‍රීඩක වෙන්දේසියක අලෙවි වේ…

කීර්ති ප්‍රනාන්දු –

ඉන්දියාවේ කබඩි ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා කබඩි සම්මේලනය විසින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරන අන්වර් සහීඩ්  රුපියල් ලක්ෂ 27ක මිලකට අලෙවි වී ඇතැයි වාර්තා  වේ.

ඉන්දියාවේ තමිල් තලයිවාස් කබඩි කණ්ඩායමේ හිමිකරු විසින් මෙම මිලදී ගැනීම සිදුකර ඇත.

ඉන්දීය කබඩි ක්‍රීඩක වෙන්දේසියක  දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් අලෙවි වුණු ප්‍රථම අවස්ථාව මෙයය.


ලබන දෙසැම්බර් මස ඉන්දියාවේ පැවැත්වෙන PKL  තරගාවලිය සඳහා කණ්ඩායම්වලට ක්‍රීඩකයන් තෝරා ගැනීමට මෙම වෙන්දේසිය පවත්වා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


PKL ක්‍රීඩක වෙන්දේසිය අගෝස්තු 29 සිට 31 දක්වා   මුම්බායිහිදී පැවැත්විණි. මෙවර වෙන්දේසියේ මිල අධිකම ක්‍රීඩකයා වූයේ ප්‍රදීප් නවාල් ය.  ඔහගේ මිල වී තිබුණේ ලක්ෂ 42.6කි.

Exit mobile version