ප්‍රතික්ෂේප වූ රැකියා විරහිත උපාධිධාරීන්ට අභියාචනයට අවස්ථාවක්…

රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභී පුහුණුව සඳහා කැඳවීම් නොලබන බවට ප්‍රකාශයට පත් කර ඇති, එහෙත් අනෙකුත් සුදුසුකම් සපුරා ඇති, ප්‍රතික්ෂේප වීමේ හේතුව ලෙසට සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම ( EPF)   හා රැකියාවක නිරතවිම ලෙස සඳහන් අයදුම්කරුවන්ට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීමටත්, සුදුසුකම් ලබන්නේ නම් පුහුනුවට කැඳවීමටත් අපේක්ෂා කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව අයදුම්කරුවන්ට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.pubad.gov.lk හි පල කරන දැන්වීම අනුව අයදුම් කරන ලෙසත් 2020.09.15 දිනට පෙර තම අභියාචනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන ලෙසත් රාජ්‍ය සේවා පළාත් පාලන හා පළාත් පාලන ලේකම්වරයා වැඩිදුරටත් දන්වා සිටී.

Exit mobile version