ප්‍රජාතන්ත්‍රවාදය වළ පල්ලේ… රට මිල්ටරිකරණය වෙනවා… මේ අරගලයේ ඇරඹුම පමණයි…

නිදහස් දිනය දා ත්‍රීකුණාමලයේ දී ටී.එන්.ඒ නායක ආර්. සම්පන්දන්  උද්ඝෝෂකයන් අමතා කියයි...

දිනසේන රතුගමගේ –

දෙමළ කතා කරන ජනතාවට යම් සාධාරණයක් ඉටු විය යුතු බව රජය මෙන්ම සෙසු සිංහල දේශපාලන පක්ෂද පිළිගත යුතුව ඇති බව පවසන දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මන්ත්‍රීවරයා එම සාධාරණය ඉටුවන තුරු දෙමළ ජනතාව  අරගල අත් නොහරින බවද  ඊයේ ( 4 ) පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ නායකයා මේ බව පැවසුවේ මඩකලපුවේ සිට පේදුරුතුඩුවේ පොලිකණ්ඩි ප්‍රදේශය දක්වා රථ පෙළපාලියකින් ගමන් කරන පිරිස 4 දා රාත්‍රී ත්‍රිකුණාමළය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී ඔවුන්ව අමතමිනි.

මෙහිදී අදහස් දැක් වූ දෙමළ ජාතික සන්ධානයේ නායකයා තවදුරටත් පැවසුවේ රජය දෙමළ ජනතාව මෙන්ම ඔවුන්ගේ සංස්කෘතිය  දේශපාලනය හා නිදහසේ ජීවත් වීමේ අයිතිය අහුරා දමමින් කටයුතු කරන නිසා ඊට එරෙහිව මේ වන විට දෙමළ ජනතාව පෙළ ගැසී සිටින බවය.


රටේ ප්‍රජාත්න්‍රවාදය වළපල්ලට යවමින් මිලිටරීකරණය  ඉස්මතු කරවීම නිසා දෙමළ ජනතාවට විශාල අසාධාරණයක් සිදු වන බව පැවසූ දෙමළ ජාතික සන්ධානයේ නායකයා සඳහන් කළේ මේ තත්ත්වය ජාත්‍යන්තරයට ප්‍රකාශ කිරීමට මේ පෙළපාලිය අවස්ථාවක් කර ගන්නා බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අරගලය අවසානය නොවන බව කී සම්පන්ධන් මන්ත්‍රීවරයා දෙමළ ජනයාගේ ඉලක්කය සැපිරෙන තෙක්ම අරගලයන් මේ රටේදී ඉදිරි කාලයේදී දැක ගත හැකි වන බවද පැවසීය.

Exit mobile version