ප්‍රසිද්ධ Shades නිමි ඇඳුම් ව්‍යාපාරය හිමි ව්‍යාපාරිකයා අබිරහස් ලෙස මිය ගිහින් !

ප්‍රසිද්ධ නිමි ඇඳුම් ව්‍යාපාරයක් වන ෂේඩ්ස්(Shades) ආයතනයේ හිමිකරුවා අබිරහස් ලෙස මිය ගොස් තිබේ.

ඔහුගේ දේහය තලංගම පොලිස් වසමට අයත් පැලවත්ත ප්‍රෙදශයේ  ඔහුට අයත් බව කියන නිවසක පිහිනම් තටාකයේ  තිබියදී අද (02) සොයාගෙන තිබේ.

ඩබ්ලිව් රොෂාන් නැමති 50 හැවිරිදි ඔහු පසුගිය 30 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට ඊයේ ( 01)ඔහුගේ නැගණිය විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර අද ඔහුගේ දේහය අද සොයා ගෙන ඇත .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැල්ලම්පිටිය කිත්තම්පහුවේ පදිචි මෙම ව්‍යාපාරිකයා අවිවාහකයකු බව සඳහන් වන අතර ඔහුගේ අතුරුදන්වීමත් සමඟ තවත් තොරතුරු හෙළි කරගෙන ඇති අතර මේ ඔස්සේ විමර්ෂන සිදුවන බව පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි.


Exit mobile version