ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිණි තිරාණී පීරිස්ගේ එකම දියණිය මැලේසියාවේදී මිය යයි

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක සහ රූපලාවණ්‍ය ශිල්ප ගුරුවරියක වන තිරාණී පීරිස් මහත්මියගේ දියණිය වන නෙතාෂා පීරිස් මැලේසියාවේදී හදිසියේ අභාවප්‍රාප්ත වි තිබේ. ඇයගේ පවුලට සමීප ආරංචි මාර්ගවලට අනුව මැලේසියාවේ උසස් අධ්‍යාපනය ලබන මෙම දියණිය හට ගත් හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් මෙලෙස අභාවප්‍රාප්ත ව ඇත.

ඇය මහල් නිවාසයක තනිවම නේවාසිකව හිඳ උසස් අධ්‍යාපනයේ නිරත වන බව පැවසෙන අතර අද දින තිරාණි පරිස් මහත්මිය සිය දියණියට දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගත්තද එයට පිළිතුරු නොදීම නිසා ඇයගේ හිතවතුන්ට මේ බව දන්වා ඇත. ඒ මොහොතේ ඇය නිවසේ සිය කාමරයේ අපහසුතාවකින් සිටින බව නිරීක්ෂණය වී ඇතත් ඔවුන්ට ඇයගේ කාමරයේ දොරගුලු කඩා ඇය ට සමීප වීමට සැලකිය යුතු වෙලාවක් ගතව ඇති බව සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිය යන විට 22 හැවිරිදි වියේ පසුව ඇති ඇය ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවක ද වෙයි.


Exit mobile version