දුම්රිය නියාමක, පාලක, ස්ථානාධිපති සංගම් වර්ජනය මග හරිති… දුම්රිය රයදුරු සංගමය වැඩ වරති!

අත්‍යාවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කර  දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇතැයි ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි.

2023.02.27 දිනැති 2321/07 දරන රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කිරීම නිසා 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව  ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු 2023.03.14 වන දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් පියවර  ගෙන ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයට අනුව දුම්රිය සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂම පවත්වාගෙන යෑම සඳහා 2023.03.15 දින සේවයට වාර්තා නොකරන සියලු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ විසින් දෙපාර්තමේන්තුව සියලු ප්‍රධානීන් වෙත දන්වා ඇත.

මේ තත්ත්වය තුළ දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය පාලක සංගමය හා දුම්රිය නියාමක සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති රාශියක් හෙට දින වැඩ වර්ජනයට සහභාගි නොවීමට තීරණය කර තිබේ..


කෙසේ වෙත්ත දුම්රිය රියදුරු සංගමය විසින්  සිය වර්ජනය ඒ ආකාරයෙන්ම පැවැත්වීමට තිරණය කර ඇත.  අද දින රාත්‍රී 12.00 සිට දුම්රිය රියදුරු සංගමය විසින්  නිවේදනය කළ වර්ජනය හේතුවෙන් අද රාත්‍රියේ ධාවනය කිරීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වන ‍රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය මේ  වන විට අවලංගුකර ඇත.

Exit mobile version