ප්‍රංශයේ මැයි දින සැමරුම අතරතුර විරෝධතා

ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහිව මැයි දින සැමරුමට සමගාමීව වෘත්තීය සමිති විසින් මෙහෙයවන ලද විරෝධතා අතරතුර, ප්‍රංශ පොලිසිය පැරිස් සහ අනෙකුත් නගරවල කළු ඇඳගත් ජනතාව සමඟ ගැටුණි.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රතිසංස්කරණවලට එරෙහිව මැයි දින පෙළපාලි සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගී වී සිටිති.

වම වශයෙන් පොලිස් නිලධාරීන් 108 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ.

පෙලපාලිකරුවන් පැරිස් පොලිසියට පෙට්‍රල් බෝම්බ සහ ගිනිකෙළිවලින් පහර දෙමින්, ගොඩනැගිලි ගිනිබත් කරමින් බස් නැවතුම් පොළවල් කඩා දැමූහ. කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාරවලින් ප්‍රතිචාර දක්වමින් සාමකාමීව පෙළපාලි ගිය විරෝධතාකරුවන් පොලිසියට බැන වැදුණි.


මේ සිදුවීම අතරතුර පුද්ගලයන් 291ක් අත්අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විරෝධතාකරුවන් කී දෙනෙකු තුවාල ලබා ඇත්ද යන්න පැහැදිලි නැත.

Exit mobile version