පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කෘෂි රසායන සමාගම්වල වුවමනාවට වැඩකරන කෙනෙක්! – ඇමති කියයි

ග්ලයිපෝසේට් ඇතුළු 2014 වසරේ සිට තහනම් කරන ලද පළිබෝධ නාශක වර්ග පහක් යළිත් භාවිතයට අවසර දෙන පරිදි නව ගැසට් පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළ පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා කෘෂි රසායන සමාගම්වල අවශ්‍යතාව පරිදි කටයුතු කරන ලද නිලධාරියකු බවට අනාවරණය වී ඇති බවත් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක්ද පැවැත්වෙමින් පවතින බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (23) පාර්ලිමේන්තුවේදී අද අනාවරණය කළේය.

ඔහු පළිබෝධ නාශක සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කළ යුතු කැබිනට් පත්‍රිකා සකස් කිරීමේදී එක් කෘෂි රසායන සමාගමකට වාසි සහගත ලෙස කටයුතු කරන ලද බව අනාවරණය වි ඇති බවද එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඊයේ (23) මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම නීති විරෝධි ආකාරයෙන් සිදුව ඇති බවත් එබැවින් ඊයේම පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා ධුරයෙන් ඉවත් කොට අමාත්‍යංශයට අනුයුක්ත කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා මෙහිදි තවදුරටත් සඳහන් කළේය. ඒ අනුව යළිත් අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ අතර මෙම පලිබෝධ නාශක තවදුරටත් ක්‍රියාතමක වන්නේ යයි ඔහු පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර පළිබෝධ නාශක ජේ.ඒ සුමිත් මහතා හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කර තිබුණේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත ඉදිරිපත් කරන ලද බවය.

Exit mobile version