පළාත් සභා මැතිවරණයට එන්නෙ තනියම…ටී.එන්.ඒ එකෙන් ටෙලො ගැලවෙයි..!

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානය විසින් ටෙලෝ සංවිධානයට වූ පොරොන්දු ඉටු නොකිරීම නිසා මීළඟට එළඹෙන පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාතට ටෙලෝ සංවිධානය තනිවම තරග කිරීමට බලාපොරොත්තු වෙයි.

මේ පිළිබදව ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ටෙලෝ පක්ෂය තුළින් එවැනි දැවැන්ත ඉල්ලීමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවත්ය.

ටෙලෝ සංවිධානය පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාතට තනිවම තරග කිරීමට යම් හෙයකින් තීරණය කළත්  ඉන් අදහස් වන්නේ ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාරත්වයෙන් ඉවත්ව යන බවක් නොවන බවද අඩෙයිකලනාදන්  පැවසීය.


මෙවර මහමැතිවරණය පැවති සමයේදී ටෙලෝ සංවිධානයට දෙමළ ජාතික සන්ධානයේ තනතුරු දෙකක් ලබා දෙන බවත් ඉන් පක්ෂයේ ප්‍රකාශක තනතුර සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාට ලබා දෙන බවත් මේ දක්වා එම කාරණා ඉටු වී නොමැත.

මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක  සම්බන්ධන් මන්ත්‍රීවරයාද දැඩි උදාසීන තත්ත්වයක් පෙන්නුම් කරණ නිසා දෙමළ ජාතික සන්ධානයත් ටෙලෝ සංවිධානයත් අතර කාලයක සිට දැඩි මත ගැටුමක් හටගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහි ප්‍රතිපලයක් වශයෙන් ටෙලෝ සංවිධානය උතුරු පළාත් සභාවට තනිවම තරග කිරීමට සාකච්ඡා කරමින් සිටින බවත් ඔවුන් එසේ කළත් ටෙලෝ පක්ෂයෙන් ඉවත් කළ ශ්‍රී කාන්තා හා එම්.කේ.ශිවාජිලිංගම් යන දෙදෙනා නොමැතිව ටෙලෝ සංවිධානයට තනිවම ගමනක් යා නොහැකි බව ටෙලෝ සංවිධානයේ හිටපු මහ ලේකම් එස්.ශ්‍රීකාන්තා මහතා ප්‍රකාශ කොට තිබේ.

 

Exit mobile version