පළාත්සභා මැතිවරණ සංශෝධන යටතේ මන්ත්‍රී ධුර වැඩි කරගැනීමේ යෝජනාවක්…

පළාත්සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාල පනත් කෙටුම්පත මගින් මෙතෙක් පළාතක් සඳහා මෙතෙක් පැවති ප්‍රසාද මන්ත්‍රී ධුර සංඛ්‍යාව වැඩි කිරීම සඳහා යෝජනා කර ඇතැයි වාරතා වේ.

එම පනත් කෙටුම්පත විෂය භාර ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් කැබිනට් මණ්ඩලයට ඊයේ (29) ඉදිරිපත් කර ඇත.

පළාතක් ජයග්‍රහණය කරන දේශපාලන පක්ෂයකට දැනට ප්‍රසාද මන්ත්‍රී ධූර දෙකක් හිමි වන අතර නව පනත් කෙටුම්පත මගින්  එම සංඛ්‍යාව පළාතට අතුළත්වන දිස්ත්‍රික්ක ගණන අනුව දිස්ත්‍රික්කයකට දෙක බැගින් වැඩි කරන ලෙස යෝජනා කර තිබේ.


තවද මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට 70ක් කොට්ඨාස ක්‍රමය නියෝජනය යටතේත් සියයට 30ක් සමානුපාත යෝජනා ක්‍රමය යටතේත් පත් කරගත යුතු බවටත් එක් කොට්ඨාසයකට එකම පක්ෂයෙන් අපේක්ෂයන් 3ක් ඉදිරිපත් කළ යුතු බවටත් එම කෙටුම්පත මගින් වැඩි දුරටත් යෝජනා කර ඇත.

මෙලෙස ඉදිරිපත් වී ඇති නව යෝජනා සම්බන්දව සියලු දේශපාලන පක්ෂ දැනුවත් කර පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් තීරණයක් ගැනීම වඩාත් යෝග්‍ය වනු ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පළාත්සභා පැවැත්වීම හා ඊට අදාලවන වෙනස්කම් සම්බන්ධව පක්ෂ නායක රැස්වීමේ දී පුළුල් ලෙස සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වනු ඇති බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

Exit mobile version