පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර ජීවිත ඉනිම නිම කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ බන්දුල වර්ණපුර මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 68 වැනි වියෙහි පසු වූ බන්දුල වර්ණපුර මහතා පසුගිය සති කිහිපයේම රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේය.

දියවැඩියා රෝගයෙන් පෙළුණු වර්ණපුර මහතාගේ දකුණු පාදය ද වෙන් කිරීමට සිදු වූ අතර ඔහු අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ අභාවප්‍රාප්ත විය.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තත්ත්වය හිමි වීමේ දී නායකත්වය දරුවෙ බන්දුල වර්ණපුර මහතාය.

1982 කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ප්‍රථම ටෙස්ට් තරගයට නායකත්වය දුන් බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරග තුනකට නායකත්වය දුන්නේය.

එක්දින තරග 12කට ද ඔහු නායකත්වය දැරීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව ක්‍රිකට් පරිපාලන කටයුතුවලට නායකත්වය දුන් වර්ණපුර මහතා ක්‍රිකට් සමාජ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද විවිධ වගකීම් ඉසිලීය.

Exit mobile version