පහුගිය අවුරුදු දෙකේ අලි 728ක් මරලා… මිනිස්සු 329ක් මැරිලා…

පහුගිය අවුරුද්දෙ සෑම සති දෙකකටම වරක් හක්කපටස් දාලා කට කුඩු කර අලියෙක් මරලා...

සියලුම වනජීවී කලාපවලින් ලැබී ඇති වාර්තා අනුව 2019 වසරේ අලි මරණ 407ක් , හා මිනිස් ජීවිත හානි 122ක් ද, 2020 වර්ෂයේ අලි මරණ 321ක් හා මිනිස් ජීවිත හානි 207ක් ද වාර්තා වී ඇති බව වන ජීවි දෙපාර්තමේන්තුවෙ ප්‍රචාරක නිලධාරිනී හෂිණී සරත්චන්ද්‍ර  පැවසුවාය.

2020 වර්ෂයේ අලි මරණ වැඩියෙන්ම සිදුව තිබෙන්නේ හක්ක පටස් යෙදීමෙනි. ඒ ප්‍රමාණය 48කි.වෙඩි  තැබීමෙන් 39ක්, විදුලිසැර වැදීමෙන් 24ක්, වගා ළිංවලට වැටීමෙන් 14ක්, දුම්රිය සහ රිය අනතුරුවලින් 7ක් ලෙස වාර්තා වී ඇති බව ත්, අලි මිනිස් ගැටුම වැඩියෙන්ම සිද්ධ වන්නේ පොලොන්නරුව වන ජීවී කලාපයේ බවත්, ඇය තව දුරටත් පැවසුවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට අලි මිනිස් ගැටුමට පිළියමක් ලෙස වනජීවී දෙපාර්තමේන්තුවෙ ප්‍රමුඛ විසඳුම විදුලි වැට සවි කිරීමයි.


Exit mobile version