පහරදී පළවා හල හිටපු එල්.ටී.ටී.ඊ. සෙබළිය යනඑනමං නැතිව ගහක් යට

දිනසේන රතුගමගේ:

කිළිනොච්චිය තිරුනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු කොටි සෙබළියකට පහර දී ඇයව නිවසින් එලවා දැමීමෙන් පසුව ඇය ගසක් යට ඉදිකරගත් කූඩාරමක 22 දා සිට ජීවත් වේ.

මෙම කොටි සෙබලිය රජයේ පුනරුත්ථාපන වැඩ සටහන යටතේ පුනරුත්ථාපනය වී තිරුනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි අතර ඇය පදිංචිව සිටි නිවසට පැමිණි පිරිසක් ඇයට පහර දී ඇගේ නිවසේ භාණඩද මහමගට වීසි කොට තිබුණි.


කොටි සාමාජිකයෙකු වූ ඇගේ ස්වාමියා යුද සමයේදී අතුරුදහන් වී ඇති අතර මේ සෙබළියගේ සහෝදරයින් දෙදෙනෙකුද කොටි සාමාජිකයින් වශයෙන් කටයුතු කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය තමන්ට වූ අසාධාරණය පිළිබදව කිළිනොච්චිය පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version