පසුගිය රජය අඩු කළ  බදු පහක් රටට කළ විනය  විගණනය හෙළි කරයි!

ලලිත් චාමින්ද –  

ඉකුත් රජය විසින් 2019 වසරේ අගභාගයේ දී කරනු ලැබූ ප්‍රධාන බදු   සංශෝධන කිහිපයක් හේතුවෙන්  2019 වර්ෂයට  සාපේක්ෂව 2020 වර්ෂයේ දි   එම බදු ක්ෂේත්‍ර තුළ දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුව විසින් එකතු කරනු ලැබු බදු ආදායම  සියයට 49කින් පමණ පහත වැටී ඇති බැව්  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

මෙම බදු සංශෝධන යටතේ  ආදායම් බදු අනුපාත හා එකතු කළ අගය මත බදු අනුපාතික අඩු කිරීමත්, එකතු කළ අගය මත  බදු සඳහා ලියාපදිංචි විය යුතු සිමාව  ඉහළ නැංවිමත්, ජාතිය ගොඩනැගිමේ හා ආර්ථික සේවා ගාස්තුව  ඉවත් කිරිමත් සිදු කරනු ලැබීය. 

උක්ත බදු සංශෝධනය  නිසා  මෙම බදු වර්ග පහට අදාලව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉපයු බදු ආදායම 2020 වර්ෂයේ දි සියයට 49කින් පහත වැටි ඇති බවද විගණන මගින් අනාවරණය කොට ඇත.

ඒ අනුව මෙම බදුවර්ග පහට අදාල  ආදායම් බද්ද 2019 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂයේ දි සියයට 31.79කින්, එකතුකළ අගය මත  බද්ද සියයට 47.33කින් ණය ආපසුගෙවිමේ බද්ද සියයට 89.53කින්,  ආර්ථිකසේවා ගාස්තු බද්ද සියයට 72.97කින්, ජාතිය ගොඩනැගිමේ බද්ද  සියයට 96.44කින් අඩුවි ඇති බැව් විගණන වාර්තාවේ සඳහන් වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය මගින්  ලබාදුන් මෙම බදුසහන පැකේජය  විචක්ෂණශීලි  තිරණයක්ද යන්නත්  ඉන් බලාපොරොත්තු වූ අරමුණු කොතෙත්දුරට  ඉටුවී තිබේද යන්න සහ එමගින් ආර්ථිකයට ඇතිවු අහිතකර බලපෑම නැවත සමාලෝචනය කර සුදුසු පියවර නිර්දේශ කිරීම සඳහා  විශේෂඥ කමිටුවක් පත්කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.

Exit mobile version