පසුගිය මාස හතර හමාර තුළ ඩෙංගු මරණ 20 යි… රෝගීන් 19474 යි

කොවිඩ් අස්සේ ඩෙංගු

ශ්‍රියානි විජේසිංහ –                                          

 ගතවූ මාස හතරහමාරක කාලය තුළ ඩෙංගු රෝගීන් 19474ක් හමු වූ බවත් ඉන් 20 දෙනෙක් පමණ මිය ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

වසංගත රෝග විද්‍යාංශයේ දත්තවලට අනුව  පසුගිය වසර තුළදී  (2019) ඩෙංගු රෝගීන් 105049 හමු වී ඇත. ඉන් පුද්ගලයින් 157 දෙනෙකු මිය ගොස් තිබේ.   


මේ මෝසම් වර්ෂා කාලයේ ඩෙංගු අතිශය සීඝ්‍රෙයන් පැතිරි යා හැකි බවත්,   යම් හේතුවකින් ඩෙංගු රෝගය වසංගතයක් ලෙස රට පුරා පැතිර ගියහොත් කොවිඩ් 19 වෛරස පාලනයට බාධා පැමිණිය හැකි බැවින් මදුරුවන් බෝවන ස්ථාන ඇත්නම් ඒවා විනාශ කර දැමීමට කටයුතු කරන ලෙසත් ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර  පැවසීය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ ගම්පහ කළුතර රත්නපුරය කෑගල්ල ගාල්ල මාතර මාතලේ වැනි ප්‍රදේශවල ඩෙංගු රෝගය සීඝ්‍රෙයන්  පැතිරයාමේ අවදානමක්ද පවතින බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

Exit mobile version