පස්සර බස් අනතුරේ රෝගීන්ට ඕ නෙගටිව් ලේ ඕනෑ

අද උදෑසන පස්සර දී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලත් රෝගීන් සඳහා ඕ නෙගටිව් වර්ගයේ රුධිරය අවශ්‍යතාවක් පැන නැගී ඇති බව බදුල්ල රෝහල දන්වා සිටී.

මෙම රුධිරය වර්ගය හිමි අය වෙතොත් කඩිනමින් බදුල්ල රෝහලේ ලේ බැංකුවට පැමිණ රුධිරය පරිත්‍යාග කරන ලෙස බදුල්ල රෝහල විශේෂ ඉල්ලීමක් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද පෙරවරුවේ 7.15ට පමණ මෙම බස්රථය ලුණුගල සිට පස්සර, බදුල්ල හරහා කොළඹ දක්වා ධාවනය වෙමින් තිබියදී පස්සර 13 කණුව ආසන්නයේදී ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ඇත. එයින් 15 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන තුවාලකරුවන් බදුල්ල රෝහල වෙත ගෙන යාමට කටයුතු යොදා ඇත.


Exit mobile version